දුම්රිය රියදුරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට තිබූ දුම්රිය රියදුරන්ගේ එක් දින වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව දුම්‍රිය රියදුරන්ගේ සංගමය මෙලෙස වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා සදහන් කළේය.

ඒ අනුව හෙට දිනයේ (28) දුම්‍රිය රියදුරන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බව එම සාකච්ඡාවේදී ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇති අතර එකී පොරොන්දුව පිට අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතවූ වර්ජනය තාවකාලිකව අත් හිටුවීමට සංගමය මෙලෙස තීරණය කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435