දුම්රිය ලිපිකරුවන් පිරිසක් අතිකාල වංචාවක

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘‘දුම්රිය නිල ඇඳුම් සේවා අර්ථසාධක අරමුදල්‘‘ කාර්යාලයේ ලිපිකරුවන් අතිකාල වංචාවක නිරත වන බවට එහි පාලක කමිටුව චෝදනා කරයි.

දුම්රිය සේවකයින්ගේ මාසික වැටුපෙන් සාමාජික මුදලක් එම සංගමයට බැරවන අතර, එමගින් ණය ලබාදීම, විශ්‍රාම ගිය පසුව මාස හයක් යනතුරු දීමනාවක් ගෙවීම ආදී කටයුතු කරයි. එම අරමුදලේ කාලයක සිට අතිකාල වංචාවක් සිදුවන බවට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට පැමිණිලි ලැබී තිබිණි. එහි ලිපිකරුවන් අනවශ්‍ය ලෙස අතිකාල සේවයේ යෙදී විහාල දීමනා ලබාගැනීම, සෙනසුරාදා සහ ඉරිදා දිනවලත් අතිකාල සේවයේ නිරතවීම ආදී චෝදනා ඔවුන්ට එල්ල වී ඇත.

ඇතැම් ලිපිකරුවන් අතිකාල සීමාකිරීමට විරෝධය දැක්වීමක් ලෙස මේ වන විට ඔවුන් සමාජිකයින්ගේ  කටයුතු හිතාමතා පමාකරන බවද ඔවුහු කියති.

මේ අතර දුම්රිය සමාන්‍යාධිකාරීවරයා එම ලිපිකරුවන්ගේ අතිකාල සීමාකරමින් හා තවත් උපදෙස් ලබාදෙමින් ඉකුත් දා චක්‍රලේඛනයක්ද නිකුත් කර තිබේ.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435