දුම්රිය සුරැකීමේ මගී එකතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක රතුඑළි දල්වයි

දිනපතාම පාහේ දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීම, හිටිහැටියේ දුම්රිය අවලංගු කිරීම, ධාවනය වන අතරතුර දුම්රිය කාර්මික දෝෂයන්ට ලක්වීම, අධික මගී තදබදය ඇතුළු විවිධ හේතූන් නිසා පීඩාවට පත්ව සිටින දුම්රිය මගීන්ගේ විරෝධතාව පළකිරීම සඳහා විරෝධතා උද්ඝෝෂණයක් දෙසැම්බර් මස මුල් සතියේදී ප්‍රධාන දුම්රිය ස්ථාන 3ක් කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට දුම්රිය සුරැකීමේ මගී එකතුව කටයුතු සංවිධානය කොට තිබේ.සියයට 15කින් දුම්රිය ගාස්තු ඉහළ නංවන බව පවසා සියයට 40-50ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමුවද ඊට සාපේක්ෂව අවම පහසුකම් හෝ සැලසීමට දුම්රිය බලධාරීන් පියවර නොගැනීමත් විධිමත්ව දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් තම වාර්ෂික නිවාඩු හා කෙටි නිවාඩු ඒ සඳහා වැයකිරීමට සිදුවනවා පමණක් නොව වැටුප් කප්පාදුවෙන් දුම්රිය මගීන් දැඩි අසීරුතාවන්ට පත්ව ඇති බවත් දුම්රිය සුරැකීමේ මගී එකතුවේ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවසුවේය.

වසර අටක පමණ කාලයකින් දුම්රිය කාල සටහන සංශෝධනය නොකිරීම හේතුවෙන් ප්‍රශ්න හා ගැටලු ගණනාවකට මුහුණ පෑමට දුම්රිය මගීන්ට සිදුව ඇතැයි පෙන්වා දෙන එම ප්‍රකාශකයා මීට මාස තුනකට පමණ පෙර මාධ්‍ය සන්දර්ශන පවත්වා දුම්රිය කාලසටහන සංශෝධනය කළද එයද හමස් පෙට්ටියට දැමීම නිසා දුම්රිය මගීන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් තම දුක්ගැනවිලිවලට කන් දීමට උනන්දු නොවන බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට මෙම විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435