දුම්රිය සේවක වර්ජනයේ අලුත්ම තත්ත්වය මෙන්න!

ඊයේ ප.ව 3.00 සිට ආරම්භ කළ හදිසි දුම්රිය සේවක වැඩවර්ජනය අද (09) දිනයේද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.

වැටුප් විෂමතාවන් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවා සාකච්ඡාවට පැමිණෙන ලෙස රජය විසින් ඉල්ලීම් කර ඇති බව වාර්තා වුවත්, වෘත්තීය සමිති වෙත එවන් සාකච්ඡාවක් සඳහා නිල ආරාධනයක් මෙතෙක් කර ‍නොමැති බව ඔහු වැඩබිමට සඳහන් කළේය.

වර්ජනය අත්හිටුවා සාකච්ඡා සඳහා පැමිණිය නොහැකි බවත්, සාධාරණ විසඳුමක් ලබා දුනහොත් පමණක් වර්ජනය අත්හිටුවා සාකච්ඡා කරා පැමිණිය හැකි බවත් දොඩංගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම වර්ජනයෙන් අපහසුතාවට පත්වන මෙවර අ.පො.ස උ/පෙ විභාගයට පෙනී සිටින සිසුන් ඇතුළු පොදු දුම්රිය මගීන්ට තම ප්‍රවේශ පත්‍ර හෝ වාර ප්‍රවේශ පත්‍ර භාවිතා කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දී ඇත.

එමෙන්ම මාර්ග අවසරපත් (Route Permit) නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලට ද අවසර දී ඇති අතර විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් රජය මගින් ලංගම බස් රථ වෙත ලබාදීමට ද කටයුතු කරනු ලැබේ.

අගෝස්තු 07 වන දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට තීරණය කර ඇති අතර එම තීරණය අනුව මුදල් අමාත්‍යංශය විසින් ලබන සතියේ එම කැබිනට් පත්රිමකාව ඉදිරිපත් කිරීමට තීරණය කර සිටි අවස්ථාවක දුම්රිය මගීන් අපහසුතාවයට පත් කොට එයින් රජය අප්‍රසාදයට ලක් කිරීම සඳහා දුම්රිය සේවකයන් විසින් ගත් ක්‍රියා මාර්ගය හෙළාදකිමින් රජය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435