දුම්රිය වර්ජනය අඛණ්ඩව ඉදිරියට – ගමන්වාර 276ක් අවලංගුයි

පසුගිය 06 වෙනි දින මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹි දුම්රිය වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට දුම්රිය එන්ජින් රියදුරු සංගමය තිරණය කර තිබේ.

නියමිත පටිපාටියෙන් බැහැරව දුම්රිය සහයකයින් බඳවා ගැනීමට විරෝධය පළ කරමින් ආරම්භකළ මෙම වැඩ වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

වර්ජනය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස්.විතානගේ මහතා සමඟ කළ සාකච්ඡා අසාර්ථක වීම නිසාත්, බලධාරින් විසින් තම ඉල්ලීම්වලට සාධනීය විසඳුම් ලබා දෙන තෙක් වර්ජනය දිගටම පවත්වාගෙන යාමට දුම්රිය එන්ජින් රියදුරු සංගමය තිරණය කරන බව එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ මැදියමේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් ඇතුළු තවත් ශ්‍රේණි කිහිපයක දුම්රිය වෘත්තීය සමිති වැටුප් ගැටලූවක් මුල් කර ගනිමින් වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භකර තිබේ.

කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය පවසන්නේ මෙම වර්ජනය නිසා මේ වනවිට දුම්රිය ගමන්වාර 276ක් පමණ අවලංගු කිරීමට සිදුව ඇති බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435