දෙවන පෙළ තරුණ නායකත්වය ගොඩනැඟීම වෙනුවෙන් NUSS පෙළගැසෙයි

NUSS වෘත්තීය සමිතිය හා ඊට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයකගේ ඒකතුවකින් සොලිඩැටිටි සෙන්ටර් (Solidarity Center) ආයතනයේ අනුග්‍රහය ඇතුළ සංවිධානය කරන ලද නායකත්ව පුහුණු වැඩමුළුවක් පසුගිය නොවැම්බර් 19 වෙනි දින කොළඹ කොටුව ග්‍රෑන්ඩ් ඔලියන්ටල් (Grand Oriental) හෝටල් ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

මේ අවස්ථාව සඳහා NUSS වෘත්තීය සමිතියේ තරුණ සාමාජිකයින් රැසක් සහභාගිවූ අතර ඊට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක තරුණ නායකයින් හා වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් සහභාගි වූහ.

වැඩමුළුවේ මූලික දේශන සඳහා සොලිඩැරිටි සෙන්ටර් ආයතනයේ දේශීය වැඩසටහන් අධ්‍යක්ෂක ඇලොන්සෝ සුසෝන් (Alonzo Suson) මහතා හා ප්‍රවීන දේශක හාන්ස් බිල්මෝරියා (Hans Bilimoria) යන අය සම්බන්ධවිය.

එහිදී පළමු දේශයේදී වෘත්තීය සමිති සවිබල ගැන්වීම හා කණ්ඩායමක් ලෙස වෘත්තීය අයිතිවාසිකම්, අරමුණු සාක්ෂාත් කරගැනීමේ වැදගත් කම, වෘත්තීය සමිතිය ඇති බලය හඳුනා ගැනීම හා ඒ වෙනුවෙන් තරුණ නායකයින් හා වෘත්තීය සමිතිය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම වැනි කරුණු කාරණා රැසක් ක්‍රියාකාරකම් හරහා සාකච්ඡාවට බඳුන්කරන ලදී.

හාන්ස් මහතාගේ දේශය තුළ වෘත්තීය සමිතිය දෙවන පෙළ නායකත්වයේ වැදගත්කම, ඔවුන්ව සවිබල ගැන්වීමේ ක්‍රමවේදය, වෘත්තීය සමිති තුළ මෙන්ම සමාජය තුළත් කාන්තාවට හිමිවිය ගරුත්වය හා සුදුසු ස්ථානය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවකට ලක්කළ අතර වෘත්තීය සමිතිය දෙවන පෙළ තරුණ නායකත්වයේ තිබිය යුතු ගුණාංග හා ශක්තිමත්භාවය සම්බන්ධයෙන් අවධාරණය කරන ලදී.

එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධයෙන් හා සමාජයක කාන්තාව හා පුරුෂයා සඳහාවූ ආකල්පමය වෙනසක් ඇති කිරීමත්, වෘත්තීය සමිති තුළ තරුණ නියෝජිතයෝජිතයින් වැඩි කිරීම, ඔවුන්ට ඉදිරියට එන්න අතහිතදීම, එම නායකයින්ට වයස් භෙදයකින් තොරව ගරු කිරීම වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් හාන්ස් මහතා පැමිණ සිටි තරුණ වෘත්තීයවේදීන්ට හා වෘත්තීය සමිති නායකයින්ට හොඳ අවබෝධයක් ලබා දෙන ලදි.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435