දේශපාලන අර්බුදය නිසා ලංකාවේ සංචාරක ව්‍යපාරය අනතුරේ

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නියුක්ත සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් හා අනෙකුත් ක්ෂේතත්‍රයට සම්බන්ධ අය තම ශ්‍රමය, ධනය වැය කරමින් ලෝකය පුරා ඇවිදිමින් සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් හා ඔවුන්ට සේවා සපයමින් ගත් මහත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වරට 2019 වර්ෂයේ ලෝකයේ හොඳම සංචාරක රට වශයෙන් ශ්‍රී ලංකාව පත්විය.

නමුත් වර්ථමාන ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිසා ලංකාවේ සංචාරක ව්‍යපාරය අනතුරකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාන සංචාරක ව්‍යවසායක සංගමය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.

එම නිවේදනයේ තවදුරටත් කියවෙන්නේ,

මෙම අනගි අවස්ථාව තුලින් ලෝකයේ සංචාරකයින් ශ්‍රී ලංකාව තුල සංචාරය කිරීමට බලාපොරොත්තු විය. මෙම සංචාරක ව්‍යාපාරය තුලින් උපයාගන්නා විදේශ විනිමය ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයකට පත්වෙමින් පැවැතිනි. එය සාක්ෂාත් කරගැනීමට ලංකාව තුල හෝටල් ඉදිවෙමින් සංචාරක ආයතන බිහිවෙමින් ක්ෂේත්‍රයට අදාළ සේවකයින් පුහුණු කිරීමේ ආයතන ඉදිවෙමින් වූ පෙර පෙර සුදානම සාර්ථක වූවා නම් විදේශ විනිමය උපයාගන්නා ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය බවට පත්වීමේ සිහිනයක් නොවේ.

එහෙත් අවාසනාවකට වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන අර්බුදය නිසා ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මරු පහරක් වැදී ඇත. මේ වන විට ලංකාවේ සංචාරය කිරීමට සංචාරකයින් විසින් කරන ලද ඇනවුම අවලංගු වෙමින් පවතින අතර, ඉදිරියේදී ලැබීමට නියමිත ඇනවුම් නොලැබී යනු ඇත. හම සංචාරකයින් සංචාරක ව්‍යාපාරයේ නියැලෙන ආසියාතික රටවල් වන ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින වැනි රටවල් වෙත ඇදී යනු ඇත. දැන් සංචාරක ව්‍යාපාරයට අභියෝගයක් වූ එම රටවල් වලට මෙය වසන්ත සමයක් වනු ඇත. අප රටට ව්‍යසනයක් වනු ඇත. මෙම ව්‍යයසනය නිසා සංචාරක අංශය තුළ ඍජුව හා වක්‍රව නියැලෙන හෝටල් හිමියන් සංචාරක නියෝජිතයින්, සංචාරක මඟපෙන්වන්නන්, එළවළු පරළතුරු ආදී ආහාර පාන සපයන්නන් සංචාරක ප්‍රවාහන ආයතන, ත්‍රිරෝද රථ රියදුරන් තැඹිලි ගෙඩිය අලෙවිකරණ ගමේ වෙළඳාමේ යොදෙන අය සහ සමස්ථ ව්‍යවසායකයින් මිලියන 3කට අධික ප්‍රමාණයක් මහත් අසිරු තත්ත්වයකට පත්වී ඇත.

අප මෙම ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදයට වගකිවයුත්තන්ගෙන් කාරුණිකව ආයචනය කර සිටින්නේ වහාම ඔබගේ ප්‍රශ්ණය නීතිගරුකව හා සාමකාහමීව විසඳාගෙන මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයා දෙන මිලියන 3කට වැඩි ව්‍යවසායකයින් ප්‍රමාණයක් නියැලී සිටින ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යපාරය ආරක්ෂා කර දෙන ලෙසටය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435