දේශපාලන බල පෙරලිය නිසා රාජ්‍ය සේවයට හා සේවකයින්ට අසාධාරණයක් වෙයිද?

දේශපාලන බලපෙරළියෙන් වැඩිම හානිය සිදුවන්නේ රාජ්‍ය සේවයට හා රාජ්‍ය සේවක සේවිකාවන්ට බව රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. පසුගිය ආණ්ඩුව අය – වැය තුළින් රාජ්‍ය සේවක සේවිකාවන්ට රුපියල් පන් දහසක දීමනාවක් දීමට යෝජනා වී තිබූ බවත් මේ වන විට එම අය – වැය ලේඛනය අවලංගු වී තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා ‘මව්බිම’ට පැවැසීය.

මීට අමතරව රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නව වැටුප් කොමිසමක් පත්කළ බවත් එහි වාර්තාව ඔක්තෝබර් 28 වැනිදා ලබාදීමට නියමිතව තිබූ බවත් අජිත් තිලකරත්න මහතා කීය.

මේ වන විට වාර්තාව ලබාදීම කල්ගොස් තිබෙන බවත් මෙවන් තත්ත්වයක් තුළ රාජ්‍ය සේවක සේවිකාවන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවත් තිලකරත්න මහතා සඳහන් කළේය.

මීට අමතරව රාජ්‍ය සේවය ක්‍රියාත්ක වීම සඳහා වාර්ෂිකව මුදල් අවශ්‍ය බවත් එම මුදල් අය-වැය තුළින් නිසි අවස්ථාවේදී ලබාදුන් බවත් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය. එහෙත් සකස් කළ අය-වැය ලේඛනය අවලංගු වී තිබෙන හෙයින් අතුරු අය-වැයක් මේ මස 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ වෙමින් තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

මේ නිසා ලබන වසරට (2019) අදාළව රාජ්‍ය සේවය පවත්වාගෙන යෑම සඳහා නියමිත ලෙස, නියමිත දිනට මුදල් ලැබේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවද තිලකරත්න මහතා
සඳහන් කළේය.

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435