දේශීය ආදායම් සේවකයින්ගෙන් නිහඬ විරෝධයක්

දේශීය ආදායම් සේවකයින් ඊයේ (30) කොටුව දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවු බව දේශීය ආදායම් සේවා සංගමය පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩලය සඳහා 2019 වර්ෂයේ ආදායම් ඉලක්ක සම්පුර්ණ කිරීම වෙනුවෙන් ගෙවිය යුතු දිරිදීමනාව ලබානොදීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එම දීමනාව ලබාදීමට වාත්තීය සමිති වලට එකඟත්වය පල කළ කර තිබේ.

කෙසේ වුවත් එලෙස එකඟත්වය ලබාදී කාලයක් ගෙවී ගියද මේ දක්වා එය ලබා නොදීමට විරෝධය පල කරමින් සේවකයින් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බව සඳහන්ය.

එහිදී විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ ඉදිරිපත් කරමින් නිහඬ විරෝධතාවක නිරතවූහ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435