දේශීය වෛද්‍ය ක්‍රම දෙස බටහිර විදු ඇසින් බලමු

මනුෂ්‍ය ශරීරය ස්වභාවයෙන්ම වෛරස, බැක්ටීරියා, දිලීර ඇතුළු ඕනෑම ආගන්තුක ෙසෙල යන්ට හෝ අනුවලට ප්‍රතිරෝධයක් දක්වයි. එවැනි ආගන්තුක දෑ ශරීරයෙන් ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට ස්වයංව ක්‍රියාකාරී වේ. එය සිදුකරන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසිනි.

අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශරීරය පුරාම විසිරි ඇති අතිශයින්ම සංකීර්ණ ක්‍රියාවලියකි. බටහිර වෛද්‍ය ක්‍රමයද ඇතුලත් කිසිම වෛද්‍ය ක්‍රමයකින් එහි ක්‍රියාකාරිත්වය නිසි ලෙස වටහාගෙන නැත. ඔබගේ පහසුව සඳහා බටහිර ක්‍රමයට අනුව වෙන්කර හඳුනාගත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මුලික කොටස් කිහිපයක් රූපයේ දක්වා ඇත.

MJNBW2 vector medical illustration of organs of the immune system

ආගන්තුක ද්‍රව්‍යයන්ට එරෙහිව සටන් වැදීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවීම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මූලික කර්තව්‍ය වේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. සමහරුන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වඩා ශක්තිමත් වන අතර සමහරුන්ගේ දුර්වලය.

ප්‍රතිදේහ යනු කිසියම් බැක්ටීරියාවකට හෝ වෛරසයකට හෝ දිලීරයකට හෝ ඕනෑම ආගන්තුක ද්‍රව්‍යයකට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් නිපදවන හමුදා බල ඇණියක් වැනිය. මෙවැනි බල ඇණියක් නිපදවීම සඳහා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරනු ලබන්නේද කවර ආකාරයෙන් හෝ ශරීරයට ඇතුල්වන ආගන්තුක ද්‍රව්‍යය විසින්ම ය. මෙම ප්‍රතිශක්තිකරණ හැකියාව ස්වභව ධර්මය විසින් මිනිසාට මෙන්ම අනෙකුත් ජීවින්ටද ලබා දී ඇත.

බොහෝ විට ආගන්තුකයා හඳුනාගෙන සුදුසු බල ඇණි සකස්කර ජය ගැනීමට හැකියාව ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සතුව ඇත. එසේ ජයගත නොහැකි වුව හොත් කුමක් වන්නේද යන්න පසුව සලකා බලමු. එය මෙම ලිපියේම අග කොටසේ දැක්වේ.

වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට ලෙඩ රෝග වැලඳීමේ වැඩි හැකියාවක් ඇති බව ඔබ දන්නවා නිසැකය. එසේ වන්නේ කෙසේ දැයි මදක් විමසා බලමු. සමහර ආගන්තුක ද්‍රව්‍යයන්ට එරෙහිව ශරීරය තුල හටගන්නා ප්‍රතිදේහ දීර්ඝකාලයක් (අවුරුදු ගණනාවක්) ශරීරය තුල පවතින අතර සමහර ප්‍රතිදේහ කෙටි කාලයක් (සති කීපයක් හෝ දින කීපයක්) පමණක් රඳා පවතියි.

කුඩා දරුවන්ගේ ශරීර තුල ප්‍රතිදේහ නිර්මාණය වී නැත. උප්පත්තියේදී මවගෙන් ළදරුවාට ප්‍රතිදේහ ලැබෙතැයි පැවසුවද ඒවා දීර්ඝ කාලයක් ළදරු ශරීර තුල රඳා  නොපවතින අතර විෂ බීජයන්ට නිරාවරණය වීම නිසාම යම් කාලයකදී  දරුවන්ද වැඩිහිටියන් ලෙසම ස්වභාවික ප්‍රතිශක්තිකරණය අයත් කරගනී.

විෂ බීජයන්ට නිරාවරණය වු තරමටම ඉක්මනින්ම ප්‍රතිශක්තිකරණය අයත් කර ගනී. දෙමව්පියන් විසින් විෂ බීජයන්ගෙන් දරුවන් ආරක්‍ෂා කල තරමටම ස්වභාවික ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම ප්‍රමාද වේ. එවන් දෙමාපියන්ගෙන් නිතර ඇසෙන අඳෝනාවක් වන්නේ ද ” අපේ ලමයි මෙච්චර පරිස්සම් කරලත් පොඩ්ඩක් ඇත්නම් ලෙඩවෙනවා. අර නාවර පෙරගෙන අපිරිසිදු පරිසරයක සිටින අව්වට වේලෙන වැස්සට තෙමෙන උන්ට කිසි ලෙඩක් නැහැ.”  එසේ වන්නේ, ඔවුන් වේලාසනින්ම ස්වභාවික ප්‍රතිශක්තිකරණය ලබාගෙන ඇති බැවිණි.

ප්‍රතිශක්තිකරණ එන්නතක් යනු කුමක්ද?

දූර්වල වල කරන ලද විෂ බීජයක් හෝ දුර්වල විෂ බීජයක් ශරීරගත කර භයානක සහ මාරාන්තික විෂ බීජයකකට එරෙහි ප්‍රතිදේහ කල්තබාම ශරීරය තුල නිපදවා තැබීම මෙමගින් කරනු ලැබේ. වසූරිය, ක්‍ෂය රෝගය සහ පෝලියෝ වැනි බොහෝ රෝග බටහිර වෛද්‍ය ක්‍රමය හරහා පාලනය කර ඇත්තේ ඉහත සඳහන් මූල ධර්මය උපයෝගී කර ගැනීමෙනි. මෙම ක්‍රමය භාවිතාකල හැක්කේ නිපදවෙන ප්‍රතිදේහ දීර්ඝකාලයක් ශරීරය තුල රඳා පවතින්නේ නම් පමණි.  මෙය අනාගතයේ එල්ලවිය හැකි අවදානමක් සම්බන්දයෙන් කල්වේලා ඇතිව බල ඇණි සූදානම් කර ගැනීමක් වැනිය.

විෂ බීජයන්ට එරෙහිව සෘජුවම ක්‍රියාත්මක වන රසායනික ද්‍රව්‍ය ඖෂධ ලෙස ශරීරගත කිරීම බටහිර වෛද්‍ය ක්‍රමයේ ප්‍රධාන අංගයකි. මේවා ප්‍රතිදේහ ලෙස නිපදවෙන ස්වභාවික බල ඇණියන්ට සහයවන අතිරේක බල ඇණිය. ඒවාට කාර්්‍යක්‍ෂමව සහ වේගයෙන් ක්‍රියාකර විෂ බීජයන් අඩපණ කර හෝ විනාශකර දැමිය හැකිය. බැක්ටීරියා ආසාදන සඳහා බටහිර ක්‍රමය තුල ප්‍රධාන වශයෙන්ම යොදාගනු ලබන්නේ මෙම ක්‍රියාවලිය වේ.

අපගේ මෙන්ම බොහෝ රටවලට ආවේනික සමප්‍රදායික වෛද්‍ය ක්‍රම වලද එක් අංගයක් වන්නේ බටහිර ඇලපති වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආගන්තුක ද්‍රවයකින් උත්තේජනය කර ප්‍රතිදේහ නිපදවා ගැනීමය. කල්ක වල මූලික අරමූණ වන්නේ පූර්ව ප්‍රතිශක්තිකරණය වේ.

කසාය හෝ වෙනත් ඖෂධ හරහා සිදු කරන්නේ රෝගය ඇතිවූ විට හෝ ඒ සඳහා ඇති අවදානම වැඩිවිට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමය. රෝග ලක්‍ෂණ අනුව වා, පිත් සහ සෙම් ලෙස ආකාර තුනක දෝෂයන් හඳුනාගෙන ඒවාට ගැලපෙන ලෙස ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වීම කරනූ ලැබේ. එම ඖෂධයන් බටහිර ඇලපති ක්‍රමයේ ඖෂධ මෙන් රෝගකාරක විෂ බීජයන්ට එරෙහිව සෘජුවම ක්‍රියාත්මක නොවන බැවින්ද, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිබල ගැන්වීමක් පමණක් කරන බැවින්ද ස්වභාවිකවම දුර්වලවූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති රෝගීන් සඳහා ඵලදායිතාව ඉතා පහත් මට්ටමක පවතී. වයස් ගතවන විටද අනෙකුත් භරීර උපාංග මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියද දුර්වල වේ. විෂ බීජ මගින් ඇතිවන ලෙඩ රෝග සඳහා බටහිර ඖෂධ භාවිතය නිසාද එනම් බාහිර බල ඇණිවල සහය නිසා ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය අලස වී අකර්මන්‍ය වන බව මගේ පෞද්ගලික මතය වේ. බැක්ටීරියා ආසාදන සඳහා මෙම තත්ත්වය කැපී පෙනෙන මට්ටමක පවතී.

මා මේ කියන දෙය අතිශය අමානුෂික යැයි ඔබට සිතෙන්නට හැකිය. වගාවකදී හෝ පැල තවානක දි දුර්වල පැලෑටි ඉවත්කර ශක්තිමත් පැල වෙන්කර ගන්නා අයුරු ඔබ දන්නවාද? බිජ ලෙස ඔබ වෙන්කර ගන්නේද සරුසාර හොඳම කොටස නේද?

ස්වභාව ධර්මය තුල මානවයාටත් මේ නියාමනය පොදු බව ඔබට කෙදිනක හෝ  සිහිපත් වී ඇත්ද? මානව පරම්පරාව ඉදිරියට රැගෙන යා යුත්තේ ස්වභාවයෙන්ම ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති   මිනිසුන්ය. දුර්වලයින් වේලාසනින්ම මිය යායුතුය. ස්වභාව ධර්මයේ නීතිය එය ය. නමුත් බටහිර ඇලපති වෛද්‍ය ක්‍රමය නිසා දූර්වලයන් ජීවත්කරවමින් ස්වභාවික ප්‍රතිශක්තිකරණ හැකියාවෙන් දුර්වල පරම්පරාවන් බිහිකර ඇත. වෙනස තේරුම් ගැනීම සඳහා ඔබ නිවසේ ඇතිකරන උසස් තත්ත්වයේ යැයි කියන ලබන බල්ලෙකු සහ දඩාවතේ යන බල්ලන්ගේ වෙනස සළකන්න. ප්‍රතිශක්තිකරණය පැත්තෙන් ඔබේ සුරතලා දුර්වල වන අතර දඩාවතේ යන සුනඛයා ශක්තිමත්ය.

බොහෝ විට ඔබත් මාත් අයත්වන්නේ කවර පෙළපත් ගැන කතා කලද සුරතල් බල්ලන් මෙන් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත කොටසට විය හැකිය. එසේ නම්, බටහිර ඇලපති වෛද්‍ය ක්‍රමයෙන් තොර පැවැත්මක් සිතිය හැකිද?

මා කිසි දිනෙක දේශීය හෝ පාරම්පරික වෛද්‍ය ක්‍රම වලට අපහාස නොකරමි. අවතක්සේරු නොකරමි. නමුත් පවතින සන්දර්භය තුල ඔවුනගේ සීමාවන් වටහා ගත යුතුය. මානව වර්ගයාගේ දිගුකාලීන පැවැත්ම සැලකූ විට, මම බටහිර ඇලපති ක්‍රමයට වෛර කරමි. එහෙත් අද මට ජීවත් වීමට එය නැතුවම බැරිය.

අවසාන වශයෙන් කිව යුත්තේ කොවිඩ් 19 වසංගතය තුල දියුණු යැයි සම්මත රටවල මිනිසුන් දහස් ගණනින් මිය යද්දී, අප වැනි දුගී දුප්පත් රටවල මිනිසුන් රැකෙන්නේත් ස්වභාව ධර්මය අප සමග නිසාය. බටහිරයන්ට වඩා අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් නිසාය.

රට බල්ලන්ට වඩා දඩ බල්ලන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් නිසාය.

මුදිත මාලික විමලසූරිය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435