දෛනික වැටුප් 1000ක් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවෝ කොළඹ වටලයි

දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් කළු කොඩි ඔසවමින්, කළු ඇඳුමින් සැරසී ඊයේ (24)  ගාලුමුවදොර පිටියේදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සූදානම් කර තිබුණි.

උදෑසන 10.00 ට පමණ කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටින් ඔවුන් මෙම විරෝධතා පාගමන ආරම්භකර ගාලුමුවදොර පිටිය දක්වා පාගමනින් ගොස් පැය 08කට අධික කාලයක් සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ බවයි වාර්තා වෙන්නේ .

එහිදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කළ නොහැකිවන ලෙස පොලීසිය විසින් බාධක දමා තිබූ අතර කෙසේ නමුත් පැයකට ආසන්න කාලයකට පසු ගාලුමුවදොර පිටිය දක්වා ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.

අනතුරුව 11.30 සිට විරෝධතාවය ආරම්භකළ අතර ඒ සඳහා කොළඹ සේවය කරන වතුකරයේ තරුණ තරුණයින් මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණ කොළඹ සේවය කරන විශාල තරුණ තරුණයින් මෙන්ම බණ්ඩාරවෙල සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශවල වතු කම්කරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

පසුව විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමත් සමඟ පොලීසිය නැවතත් මාර්ග බාධක දැමීම නිසා උණුසුම් තත්වයක් හටගත් අතර සිය ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් වගකිවයුතු පාර්ශවයන්ගෙන් ලැබෙන තෙක් විරෝධතාවය අත්නොහරින බවයි ඔවුන් ප්‍රකාශකර ඇත්තේ.

කෙසේ නමුත් සාධනීය විසඳුමක් ඉල්ලා පැය 08කට ආසන්න කාලයක් වර්ෂාවද නොතකමින් විරෝධතාකරුවන් ගාලුමුවදොර පිටියේ රැඳී විරෝධතාවයේ නිරතවූහ.

මෙම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව වතු කම්කරුවන්ගේ මුලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දියත් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහයෝගය දක්වා හැටන් නගරයේ සියලුම වෙලදසැල් කළු කොඩි ඔසවා වසා දැමීමටද කටයුතු කර ඇති බව වාර්තා වේ.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435