ධීවර ඇමති සාකච්ඡා උතුරේ ගැටලූවලට නොවේ – ධීවර සංගම්

22 January 2014 – wedabima.lk

 

ශී‍්‍ර ලංකා රජයේ ධීවර ඇමතිවරයා සහ ඉන්දීය රජයේ විදේශ කටයුතු ඇමතිවරයා අතර පසුගියදා පැවති සාකච්ඡුාවේ ප‍්‍රතිඵල ඉන්දීය ධීවර ආක‍්‍රමණයට හා ලාංකික ධීවරයන් අත්අඩංගුවට පත්වීම යන ප‍්‍රධාන ගැටලූවලට පැලැස්තර විසඳුමක් පමණක් බව ධීවර සංගම් නියෝජිතයෝ ප‍්‍රකාශ කරති. පසුගිය කාලයේ වරින් වර පත්වූ ධීවර ඇමතිවරුන්ද මෙවැනිම පියවරයන් ගත් බව කියන එම සංගම් ඒ කිසිවක් ස්ථීර විසඳුම් නොවුණ බවත්  අවධාරණය කරති.

 

ශී‍්‍ර ලංකා රජයේ අමාත්‍යවරයා සාකච්ඡුා කළේ ඉන්දියාවේ මධ්‍යම රජය සමග පමණක් බව සඳහන් කරන එම නියෝජිතයෝ උතුරේ ධීවර ගැටලූවට වගකිව යුතු දකුණු ඉන්දීය ප‍්‍රාන්ත ආණ්ඩුව ඉහත යෝජනා සහ විසඳුම් පිළිගනිවීදැයි ප‍්‍රශ්න කරති.

 

මේ පිළිබඳව ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගෙන් විමසීමේදී ඒ මහතා සඳහන් කළේ දෙරටේ අමාත්‍යවරුන් අතර සිදුවූ මේ සාකච්ඡුා සතුටුදායක වූ බවයි. එහිදී අත්අඩංගුවේ සිටින සියලූ ධීවරයන් නිදහස් කිරීමට එක`ග වූ බව සඳහන් කරන ඒ මහතා උතුරේ ධීවර ගැටලූවට ස්ථීර විසඳුමක් සෙවීම සඳහා දෙරටට වෙන වෙනම කමිටු පත් කරන්නට තීරණය කළ බවත් පැවසීය.

 

දකුණු ඉන්දීය ප‍්‍රාන්ත රජය ගැන ප‍්‍රකාශයක් කරන ඇමතිවරයා ඔවුන් පාලනය කිරීමට මධ්‍යම රජය දැන ගත යුතු බවත් පත් කළ කමිටු සමග ඉදිරියේදී උතුරේ ධීවර ගැටලූවට ස්ථීර විසඳුමක් සෙවිය හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ප‍්‍රකාශ කළේය.

 

මුලාශ්‍රය – ravaya

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435