නත්තල් මේසය හැඩකරන නත්තල් කේක් එකක් පහසුවෙන් හදමු

ඉස්සරහට එන්නේ නත්තල් මාසේ. නත්තලට වරදින්නේ නැති දෙයක් තමයි ක්‍රිස්මස් කේක් කියන්නේ.ඉතින් මේ කියා දෙන්න හදන්නේ හරි ලේසියෙන් කේක් හදා ගන්නේ කොහොමද කියලයි.

ඉස්සෙල්ලම අපි අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු…

  • බිත්තර කහමද 25
  • බිත්තර සුදු මද 12
  • සීනි රාත්තල් 1
  • සුල්තානා රාත්තල් 1
  • Cherries ර්‍ආත්තල් 1යි
  • කජු රාත්තල් 1
  • බටර් රාත්තල් 1
  • මුද්දරප්පලම් රාත්තල් 1
  • Pumpkin Preserve අවුන්ස 6
  • Candied Peel රාත්තල් 1 /4
  • Chow Chow බෝතල් 1
  • Ginger Preserve බෝතල් 1

රස කාරක (එසන්ස්) :-

  • රෝස් එසන්ස් බෝතල් 1
  • වැනිලා බෝතල් 1
  • මී පැණි අවුන්ස 1
  • ආමන්ඩ් එසන්ස් බෝතල් 1
  • වයින් වීදුරු 1
  • කුළු බඩු පවුඩර් තේ හැඳි 2 ( එනසාල්, කරාබු නැටි, සාදික්කා, කුරුඳු සියල්ල එකට )
  • ස්ට්‍රෝබෙරි ජැම් බෝතල් 1 (අවශ්‍ය නම් පමණක්)

හරි..ඔන්න අපි ඔක්කෝම ඕන කරන ජාති සූදානම් කරගෙන ඉවරයි..දැන් තියෙන්නේ කේක් එක හදන්න පටන් ගන්නයි..

  • සියළුම පලතුරු වර්ග කුඩා කැබලි වලට කපා ගන්න.එයට එසන්ස් වර්ග වලින් බාගයක්ද එක්කර ගොඳින් කලවම් කර ගන්න.එය බෝතලයක බහා දින තුනක් පමණ තබන්න.
  • තරමක් බැඳගත් රුලං හොඳින් නුවුණු පසු බටර් සමඟ මිශ්‍ර කර වෙනම තබන්න.
  • බිත්තර සුදු මද 12 හොඳින් ගසාගෙන පසෙකින් තබන්න.
  • බිත්තර කහ මද 25 සීනි සමඟ හොඳින් ගසා ගන්න.හොඳින් ගසා ගත් මිශ්‍රණයට් පලතුරු සහ රුලං බටර් මිශ්‍රණයද එකතු කරගෙන මිශ්‍ර කර ගන්න.
  • කලින් ඉතිරි කරගත් එසන්ස් සහ කුළුබඩුකාරක ද එකතු කර නැවත බීට් කරන්න. අවසානයේදී ගසා ගත් බිත්තර සුදු මද මිශ්‍රණයද එක් කර නැවත බීට් කරගන්න. දැන් ඔබට අවශ්‍ය නම් පමණක් ස්ටෝබෙරි ජෑම් ද එකතු කර ගත හැකියි.
  • දැන් මේ සියල්ල පතුලට තෙල් කොලයක් දැමූ බටර් තවරාගත් තැටියකට දමන්න. ඉන්පසුව ෆැරන්හයිට් 250 ක උෂ්ණත්වයේ යටතේ පැය දෙක හමාරක් තුනක් පමණ හෙමින් බේක් කරගන්න.
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435