නවක පරිවේණාචාර්යවරුන් 263 කට පත්වීම්

මෙරට පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් නවක පරිවේණාචාර්යවරුන් 263 කට පත්වීම් (පැවිදි පත්වීම් 137ක්, ගිහි පත්වීම් 123ක් සහ සීල මාතා පත්වීම් 3ක් මීට ඇතුළත් ය.) ලබාදීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එම උත්සවයේ අමාත්‍යවරයා අදහස් පළකරමින් සඳහන් කලේ,  රට ගොඩනැඟීමේ ජාතික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග තුළ වෙන් වෙන් ව පැවති ආයතන රැසක් සාමූහික කොට රාජ්‍ය අමාත්‍යාංශ 4ක් සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය වඩාත් පුළුල් කොට ඇත්තේ රටේ සංවර්ධනය වෙනුවෙන් අපට ඇති සහජ සම්පත වන මානව සම්පත වඩාත් ක්‍රමවත් ව ගොඩනැඟීමේ අරමුණින් බවත්, එහි දී රටේ ආගමික සංස්ථාවට විශාල වගකීමක් හා කාර්යභාරයක් පැවරෙන බවය.

අපේ අධ්‍යාපන ක්‍රමය දීර්ඝ කාලයක් පුරා නවීකරණය වී නොමැති බවත්, නූතන රැකියා අවස්ථා සහ සිසුන් ලබාගන්නා අධ්‍යාපනය අතර විශාල පරතරයක් පවත්නා බවත්, ඉතිහාසයේ සිට ම පවත්නා සමාජ ක්‍රමයට වෛරකරන, අපේක්ෂා සුන් වූ මිනිසුන් ගොඩනැගෙන්නට හේතුව එය බවත්, මේ නිසා විෂයමාලා සංශෝධනය ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම ජාතික වගකීමක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435