නවසීලන්තයේ රැකියා දෙන බව පවසා මුදල් ගැරූ කත පොලිස් දැලේ

නවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචාකළ කාන්තාවක් හොරණ, මීමන ප්‍රේමතිලක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ හොරණ ,පොකුණුවිට ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි.

පානදුර කොට්ඨාස නීතිය බලගැන්විමේ ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම කාන්තාව කොටුකර ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සැකකාරිය විසින් නවසීලන්තයේ රැකියා දෙන බවට පවසා ලබාගත් රුපියල් දෙලක්ෂ 95,000ක මුදලක් සහ විදෙස් ගමන් බතපත්‍ර 40ක් එහිදී පොලීසිය බාරයට ගෙන තිබේ.

ඇය අද (07) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435