“නව ජීවන රටාවක් උදේසා“ මාර්ගෝපදේශ මාලාව “සිහින මාලිගාවක්“

කොව්ඩ් 19 ව්‍යාපතියට එරෙහිව මහජනතාව සමග ක්ෂේත්‍රෙය් කටයුතු කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගෙන් කිසිඳු විමසීමක් හෝ සිදු නොකකොට සකස් කළ ප්‍රායෝගික නොවන “නව ජීවන රටාවත් උදේසා“ මාර්ගෝපදේශ සංග්‍රහයට බලවත් විරෝධය දක්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

සීතල කාමරවල සිට සකස් කරන මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළහොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට හා මහජන සෞඛ්‍ය පර්ක්ෂකවරුන්ට මහජනතාව සමග කටයුතු කිරීමේදී විශ්වාසය බිදීයන බවත්, බිම් මට්ටමේ ක්‍රියාවලීන් පිළිබඳ කිසිදු තැකීමක් නොකොට මෙම මාර්ගෝපදේශ සකස් කර ඇති බවත්ය.

මෙම උපදේශන මාලා නිකුත් කිරීම විෂය පිළිබඳව නිවැරිදිව දන්නා අයගේ විහිළුවට ලක්වන බවත්, මෙම උපදේශන මාලා වහාම සංශෝධනය කළ යුතු බවත්, එම සංශෝධනය කිරීමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සම්පත් දායකත්වය ලබාගත යුතු බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙවැනි ඵලක් නැතිදේ සිදුකරමින් කල්ගත නොකොට උපදේශන මාලා සකස් කරන උනන්දුවෙන්ම යාවත්කාලීක කල හා අලුතින් පනවන නීති අඩංගු ගැසට් පත්‍රය නිකුත් කරන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය වැඩි දුරටත් ඉල්ලා ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435