නැවක අතරමංවී සිටි ලාංකිකයින් තිදෙනෙකු ඕමානයේදී බේරා ගැනේ

ඕමානයේ කසාබ් වරාය ආසන්නයේ තිබූ වෙළෙඳ නැවක අතරමංවී සිටි ලාංකිකයින් තිදෙනෙකු මුදා ගැනීමට ඕමාන් රාජකීය ගුවන් හමුදාව කටයුතු කර ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

මෙම ලාංකිකයින් තිදෙනා සේවයේ නියුතුව සිටි එම වෙළෙඳ නැව කසාබි වරායේ නැංගුරම් ලෑමට අවශ්‍යව පැවතියත් එම අවස්ථාවේ පැවති අයහපත් කාලගුණික තත්වයක් නිසා නැව වරාය දෙසට යාත්‍රා කර ගැනීමට නැවේ සේවකයින්ට නොහැකි වී තිබේ.

කාලගුණ තත්වය වඩ වඩාත් අයහපත්ව බලපෑම නිසා නැවේ සන්නිවේදන උපකරණ භාවිතා කර තමන් සිටින ස්ථානය හා තමන්ව බේරා ගන්නා ලෙසට කසාබ් වරායේ සිටින ඕමාන් බලධාරීන් වෙත ඉල්ලීමක් කර තිබේ.

නැව අනතුරට පත්වීමේ අවදානමක් පවතින බැවින් ඕමාන් බලධාරීන් විසින් නැවේ කාර්යමණ්ඩලය බේරා ගැනීම සදහා ඕමාන් රාජකීය ගුවන් හමුදාවේ සහය ලබා ගෙන ඇති අතර ඔවුන්ව හෙලිකොප්ටරයක් ආධාරයෙන් බේරාගෙන තිබේ.

අනතුරුව බේරාගනු ලැබූ ලාංකිකයින් තිදෙනා ඕමානයේ කසාබ් ගුවන් හමුදා කදවුර වෙත රැගෙනවිත් ඇති අතර ඔවුන් කවුරුදැයි නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බව තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435