නැවක රස්සාවක්ද? එහෙනම් මේ ගැනත් දැනගන්න

නාවිකයෙකු වීමට බලාපොරොත්තු වන ඔබ මෙම ලිපි පෙළහි පළමු වන කොටසින් නෞකාවක සේවයේ ස්වභාවය හා එහි ප‍්‍රධාන අංශත්, දෙවැනි කොටසින් නාවිකයෙකු විසින් දැන ගත යුතු කරුණු, නෞකා වර්ග, නැවක කොටස්, සේවක සංයුතිය හා එක් එක් සේවයකයාගේ කාර්යභාර්ය පිළිබඳවත් සරල අදහසක් ලබා ගන්නට ඇතැයි සිතිමි. නෞකාවක සේවකයන්ගේ යුතුකම් හා වගකීම් දෙවන කොටසින් ආරම්භ කළ අතර මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ එහි සෙසු නිලධාරින්ගේ සේවාවන් පිළිබඳවය.

  1. a) දෙවන නිලධාරි (Second Officer) : නැවේ ඉදිරි ගමනාන්තය පිළිබඳව අවශ්‍ය සැලසුම සකස් කළ යුතු අතර මෙහෙයුම් මැදිරියේ විද්‍යුත් උපකරණ, පරිපාලනය හා නඩත්තුව, සන්නිවේදන උපකරණ භාවිතය හා නඩත්තුව මෙන්ම නැවේ ඇති කුඩා ආරෝග්‍ය ශාලාව, බෙහෙත් අංශය මෙන්ම රෝගි වූ සේවකයින්ට ප‍්‍රතිකාර කිරීම හා රැකබලා ගැනීමද දෙවන නිලධාරියා සතු වගකීමකි. ඔහු නැවේ අඵයම 00.00 සිට අඵයම 04.00 දක්වාත් මධ්‍යහන 12.00 සිට සවස 04.00 දක්වාත් නාවික මෙහෙයුම් මැදිරියේ රාජකාරි කටයුතු සිදු කරයි.
  2. b) තුන්වන නිලධාරි (Third Officer) : නැවෙහි ජීවාතාරක්ෂක බෝට්ටු හා උපකරණ පරිපාලනය, නඩත්තුව හා යාවත්කාලින කිරීම, වරායක් වෙත යෑමේ දී අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සැකසීම මෙන්ම කපිතාන් වරයා පවරන අනෙකුත් රාජකාරි කළ යුතු අතර ඔහු නැවේහි උදෑසන 08.00 සිට දහවල් 12.00 දක්වාත් රාත‍්‍රී 08.00 සිට රාත‍්‍රී 12.00 දක්වාත් නාවික මෙහෙයුම් මැදිරියේ සේවය කරයි.
  3. c) ආධුනික නිලධාරි (Deck Cadet) : ඔහු නාවික අංශයේ පහළම නිලධාරියා වන අතර කිසිදු වගකීමක් නොදරයි. නෞකාවේ කාර්යයන් පිළිබදව පළමුවන නිලධාරියා යටතේ අධ්‍යයන හා පුහුණු විම් කටයුතු සිදු කරනු ලබයි.
  4. d) ප‍්‍රධාන ඉංජිනේරු (Chief Engineer): ඉංජිනේරු අංශයේ ප‍්‍රධානියා වන අතර නැවේහි එන්ජිම, විදුලි ජනක යන්ත‍්‍ර ඇතුඵ සියලූම විද්‍යුත් හා කාර්මික උපකරණ පරිපාලන හා නඩත්තුව, ඉන්ධන පරිපාලනය, දේශීය හා ජාත්‍යන්තර නීතී රීතිවලට අනුකූලව නැවේ ඉංජිනේරු අංශය පවත්වාගෙන යාම, නඩත්තු කටයුතු හා අමතර කොටස් ඇනවුම් කිරීම ඇතුඵ සියලූම තාක්ෂණික කටයුතුවල වගකීම ඔහු සතුය.
  5. e) දෙවන ඉංජිනේරු (Second Engineer): ප‍්‍රධාන ඉංජිනේරුවරයා යටතේ ඉංජිනේරු අංශයේ නඩත්තුව, අඵත්වැඩියාව හා සේවක කළමනාකරණය සිදුකරයි. වර්තමානයේ බොහෝ නෞකාවල එන්ජිමේ පරිපාලනය මිනිසුන් රහිත ක‍්‍රමවේදයට අනුව (UMS) ක‍්‍රමයට අනුව සිදුවන බැවින් ඔවුන් දහවල් කාලයට පමණක් (උදැසන 08.00 සිට සවස 05.00 දක්වාත්) එන්ජින් කාමරය තුළ සේවය කරයි. සේවා කාල සීමාවෙන් පසුව යම් කාර්මික දෝෂයක් ඇති වුවහොත් ඔහුගේ නිදන කාමරයට විද්‍යුත් සංඥාවක් ලැබෙන අතර ඉන්පසු අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනු ඇත.
  6. f) තුන්වන ඉංජිනේරු (Third Engineer): ඔහු ඉංජිනේරු අංශයේ කාර්මික හා නඩත්තු කටයුතු වල නිරතවෙයි.
  7. g) හතරවන ඉංජිනේරු (Forth Engineer): ඔහු ඉංජිනේරු අංශයේ කාර්මික, අලූත්වැඩියා හා නඩත්තු කටයුතුවල නිරතවෙයි. යාන්ත‍්‍රික අංශයේ ඇති ජීවිතාරක්ෂණ උපකරණ වල නඩත්තු කටයුතු හා යාවත්කාලින කිරීම් සිදු කරන අතර ප‍්‍රධාන ඉංජිනේරු වරයා විසින් පවරන ලබන විවිධ වූ කාර්යන්ගේ නිරතවෙයි.
  8. h) විදුලි ඉංජිනේරු (Electro Technical Officer): ඔහු නෞකාවල සියලූම විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් උපකරණ වල නඩත්තුව, අලූත්වැඩියාව මෙන්ම යාවත්කාලින කිරීමේ කටයුතු ද සිදු කරයි.
  9. i) ආධුනික ඉංජිනේරු (Engine Cadet): ඔහු ඉංජිනේරු අංශයේ පහළම නිලධාරියා වන අතර නෞකාවේ කටයුතු පිළිබදව දෙවන ඉංජිනේරු වරයා යටතේ පුහුණුව ලබයි.

සෙසු නිලයන් :

  1. j) බෝසන් (Boatswain): ඔහු නාවික අංශයේ සාමාන්‍ය නැවියන්ගේ වැඩ බලන නිලධාරියායි. ප‍්‍රධාන නිලධාරියා විසින් පවර රාජකාරි සෙසු නාවිකයන් ලවා ඉටු කර ගැනීම ඔහුගේ කාර්යභාරයයි. ඔහු නෞකාවේ සාමාන්‍ය නැවියන්ගේ රාජකාරි කටයුතු පිළිබද හසල පළපුරුද්දක් ඇති අයෙකි.
  2. k) එ්බල් සීමන් (AB): සාමාන්‍යයෙන් AB ලෙස හඳුන්වනු අතර නෞකාවක තුන්දෙනෙක් පමණ සේවය කරයි. ඔවුන් විසින් සුපරීක්ෂාකාරිව නාවික නිලධාරින්ගේ නියෝගවලට අනුව නැව හැසිරවීම සිදුකරයි. වරායකට යන විට හෝ ඉතා පටු මුහුදු තිරයක ගමන් කිරිමේදී ස්වයංක‍්‍රීය පැදවීම ඉවත් කර එම කටයුත්ත AB වෙත පරවයි. නාවික නිලධාරියාගේ නියෝගවලට යටත්ව නාවික මෙහෙයුම් මැදිරියේද සේවය කරයි. ඊට අමතරව ඔවුන් එදිනෙදා නඩත්තු කටයුතු, දොඹකර ක‍්‍රියාකරවීම්, නැව් බඩු ගෙන යන අංශ පිරිසිදු කිරීම්, තීන්ත ආලේප කිරීම් හා ලිහිසි තෙල් ගෑම ආදී නඩත්තු කටයුතුවලද නිරත වෙයි.
  3. l) සාමාන්‍ය නැවියා (Ordinary Seaman): ඔවුන් OS ලෙස හදුන්වන අතර නෞකාවේ නඩත්තු හා පිරිසිදු කිරීම් ආදී කටයුතුවල ප‍්‍රධාන නිලධාරියාගේ අණ පරිදි හා බෝසන්ගේ අධීක්ෂණය යටතේ නිරතවෙයි.
  4. m) පිටර් (Fitter): නෞකාවල වැද්දුම් වැඩ, පැස්සුම් වැඩ මෙන්ම යාන්ත‍්‍රික උපකරණ වල නඩත්තු කටයුතු නාවික ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරයි.
  5. n) ඔයිලර් (Oiler): එන්ජින් කාමරය තුළ කාර්මික හා නඩත්තු කළයුතු වලට ඉංජිනේරුවරුන්ට සහයෝගය දක්වායි.
  6. o) වයිපර් (Wiper): එන්ජින් කාමරය තුළ පිරිසිදු කිරිමේ කටයුතු සහ අනෙකුත් නඩත්තු කටයුතු සදහා අත් උදව් සපයයි.
  7. p) විදුලි කාර්මික ශිල්පින් (ETR): විදුලි කාර්මික හා නඩත්තු කටයුතු ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරයි.
  8. q) අරක්කැමි (Cook): නැවේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය ආහාර පාන සැකසීම, ඇනවුම් කිරීම, සුරක්ෂිතව තබා ගැනීම හා ඒවා පරිපාලනය ඔහුගේ වගකීමයි.
  9. r) වේටර් (Steward): කාර්ය මණ්ඩලය සදහා ආහාර පාන සැපයීම, නේවාසික කොටස පිරිසිදු කිරීම, ලොන්ඩි‍්‍රය නඩත්තු කිරිම හා සනීපාරක්ෂක උපකරණ පිරිසිදු කිරීම, කෑම මේසය සැකසීම හා නිදන කාමර පිරිසිදු කිරීම ආදි කටයුතු ඔහුගේ කාර්යභාර්යයි.

ඉහත තනතුරුවලට අමතරව විවිධ තනතුරු හා සේවාවන් නෞකාවේ ස්වභාවය, සේවයේ ස්වභාවය හා විවිධ වෙනත් හේතුන් මත තිබිය හැකි අතර ඒවාට අනුරූපව අධ්‍යයන කටයුතු හා පුහුණු වීම් කටයුතු සිදු කළ යුතුයි. එසේම මගී නෞකාවල හෝටල්වලට සමගාමිව තනතුරු විශාල සංඛ්‍යාවක් පවතින අතර ඒවාට අවශ්‍ය වෘත්තීය දැනුම මෙන්ම නෞකාවක සේවය සදහා අවශ්‍ය මූලික සුදුසුකම් ද සපුරාලීය යුතුයි. ඉදිරි කොටසින් ඉහත සඳහන් එක් එක් තනතුර සදහා යොමුවීමට අවශ්‍ය පාඨමාලාවන් හැදෑරීමට මුලික අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳව සාකච්ජා කිරීමට අදහස් කරමි.

කපිතාන් ආසිරි හේරත්{Master Mariner (SL), MBA (UK), Lead Auditor (ISO 9001:2015), Justice of peace (JP)} – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435