නිදහස් වෙළඳ කලාප හා මෑන්පවර් සේවකයින්ට සහන සලසන්න

කොරෝනා වසංගතය පෞද්ගලික අංශයේ රැකියාවලට සහ සේවකයින්ට කර ඇති බලපෑම පිලිබඳව කටයුතු කිරීමේ තෛයිපාර්ශික කාර්ය සාධක බලකාය පිළිබඳව හා දැනට නිදහස් වෙළඳ කාලාප වල සේවය කරන සේවක සේවිකාවන් හා මෑන්පවර් සේවකයින් පිළිබඳව ගත යුතු යෝජනා කිහිපයක්  නිපුණතා සංවර්ධන රැකීරක්‍ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා වෙත නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් ලිපියක් ඊ මේල් මගින් යවා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

මෙම තෛපාර්ශික කාර්ය සාධක බලකායේ අද දින පැවත්වීමට තිබූ රැස්වීම නොවැලක්විය හැකි හේතුවන් නිසා කල් දැමිමට සිදු වූ බැවින් එම රැස්විමට ඉදිරිපත් කිරීමට අදහස් කළ මෙම යොජනා ලිඛිතිව ඔබ වෙත එවීමට අප සංගමය අදහස් කලෙමු.

රට තුල පැන නැගී ඇති මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අතවශ්‍ය සේවාවන් පමණක් පවත්වා ගෙන යාමට කාර්ය සාධූක බලකාය ගත් තීරණය අනුව බොහෝ සමාගම් එම දිනයන් නිවාඩු දිනයන් ලෙස සලකා කටයුතු කළද ආණ්ඩුව විසින් එම දිනයන් නිවාඩු දිනයන් කරන ලෙස කරන ලද ඉල්ලීම නොසලකමින් විශේෂයෙන් නිදහස් වෙළඳ කලාප වල පිහිටා ඇති සමාගම් විසින් සේවකයින් සේවයට කැදවා තිබිණ. මෙම හේතුව නිසා සමහර ඇඟළුම් කර්මාන්තශාලවල සේවකයින් සිය විරෝධය පල කිරිම සදහා වැඩ වර්ජන වල යෙදුනු අවස්ථාද තිබුණි.

කෙසේ වෙතත් ආණ්ඩුව ඇදිරි නිතිය ප‍්‍රකාශ කරන තෙක්ම බොහෝ කර්මාන්ශාලාවන් නිෂ්පාදන කටයුතුවල නියැලීම නිසා කටුනායක, බියගම සහ සීතාවක යන නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන්ට තම ගම් බිම් බලා පිටත්ව යාමට නොහැකි වි ඇත. එම හේතුව නිසා අති විශාල සේවක සංඛ්‍යාවක් තමන්ගේ නේවාසිකාගාර වලම නැවති සිටිමට සිදුව ඇත. එම සේවක සේවිකාවන්ට ඔවුන්ගේ මාර්තු මස වැටුප මෙතෙක් ලබා දී නැති බැවින් ඔවුන්ට නේවසිකාගර වල ගතකිරිමට සිදුවී ඇත්තේ උදේ, දිවා සහ රාත‍්‍රී අහාර ඔවුන් විසින්ම මුදල් වියදම් කර සාදාගැනීමටය. ඒ සදහා මුදල් නොමැති වීම නිසා ඔවුන් බලවත් දුෂ්කරතාවයන්ට මුහුණ දි ඇත.

තවද මෙම සේවක සේවිකවන් අතර කර්මාන්තශාලවල නිත්‍ය සේවාවන් වල මෑන් පවර් සේවකයින් යොදවා ගන්නා බැවින් එම සේවක සේවිකාවන් සේවයට පැමිණි දින ගණන අනුව වැටුප් ගෙවන බැවින් ඔවුන්ට මෙම කාලය තුල කිසිදු වැටුපක් හිමි නොවේ. එම සේවක සේවිකාවන් මේ වන විට ආදායමක් නොමැතිව නේවාසිකගාරවල සිර වි සිටි. මේ අනුව මෙම නිදහස් වෙළද කලාපවල සැලකිය යුතු සේවක සංඛ්‍යාවක් ඉතාමත් දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති අතර ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් වත් ඉටු කර ගැනිමට නොහැකි තත්වයක් උද්ගත වි ඇත. එබැවින් මේ පිලිබදව ඔබගේ ක්‍ෂණික අවධානය යොමුකර පහත දැක්වෙන පියවර ගැනීමට යෝජනා කර සිටින්නෙමු

  1. මෙම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් නැවතී සිටින සේවා ස්ථාන පිළිබදව එම නිදහස් වෙළඳ කලාපවල පරිපාලනය භාරව සිටින ශී‍්‍ර ලංකා අයෝජන මණ්ඩලයේ නිලධාරින් දන්නා බැවින් ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය විසින් එම ප‍්‍රදේශයේ පොලීසිය සමඟ එක්ව එම සේවක සේවිකාවන් සඳහා එදිනෙදා අහාර පිසීමට අවශ්‍යවන වියලි ආහාර මල්ලක් ලබා දීමට කටයුතු කිරීම. මෙහිදි සතොස විසින් මේ වන විටත් වියලි ආහාර මළු සකසා ඇති බව දැනගන්නට ලැබී ඇත. එම මළු මේ සදහා භාවිතා කර හැක.
  2. අතිබහුතරයක් සේවක සේවිකාවන් පිරිසකට වැටුප් ගෙවනු ලබන්නේ බැංකුවට බැර කිරිම මගින් වන අතර එම සේවක සේවිකාවන්ගේ මේ මස වැටුප වහාම බැංකුවට බැර කිරීමට එම සමාගම් වලට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටිමු.
  3. මෙම සමාගම් වල මෑන්පවර් ආයතන හරහා සේවයේ යොදවා ඇති සේවක සේවිකාවන් කවුරුන්ද යන්න සහ මෑන්පවර් ආයතන මොනවාද යන්න ආයෝජන මණ්ඩලයේ ඇති දත්ත මගින් සොයා ගත හැකි අතර එබැවින් එම සමාගම් සහ අදාල මැන් පවර් සමාගම් විසින් එම සේවක සේවිකාවන්ටද මෙම දුෂ්කර අවස්ථාවට මුහුණ දීම සදහා කිසියම් මූල්‍යමය සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.

මෙම යොජනාවන් සහ තවත් යෝජනා පිළිබදව අවශ්‍ය වුවහොත් ඔබතුමා වෙත කරුණු දැක්වීමට අප ඉදිරියේදි අදහස් කරන්නෙමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435