නිදහස් වෙළඳ කළාප හා දෛනික රැකියා පිරිස් වලට කඩිනමින් සහන සලස්වන්න

නිදහස් වෙළද කලාප සේවකයන්ට හා එදිනෙදා රැකියා කරන පිරිස්වලට කඩිනමින් සහන සැලසිය යුතු වෘත්තීය සමිති එකමුතුව මාධ්‍ය  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය මෙසේය

රටපුරා පවතින ඇදිරි නීති තත්වය තුළ නිදහහස් වෙළද කලාපවල සේවය කරන සේවක සේවිකාවන් විශාල පිරිසක් තම නවාතැන්වල සිරවී සිටී. අපනයන සැකසුම් කලාප වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවට රජය නියෝග කිරීම නිසා ඇදිරි නීතිය පනවන අවස්ථාව දක්වා ඔවුන්ට රැකියා ස්ථානවල රැදීසිටීමට සිදුවිය. ඒ හේතුවෙන් විවිධ ප‍්‍රදේශවලින් පැමිණ නිදහස් වෙළද කලාපවල සේවය කරන සේවක සේවිකාවන් බොහෝ පිරිසකට ඇදිරිනීතිය පැනවීමට පෙර තම නිවෙස්වලට යාමේ අවස්ථාව අහිමි වූ අතර දිස්ති‍්‍රක් අතර ගමනාගමනය ද තහනම් කර ඇති තත්වය තුළ ඔවුන්ට තම නවාතැන්වලම රැදීසිටීමට සිදුවිය.

මේ වන විට එම සේවක සේවිකාවන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති තත්වයක් උද්ගත වී ඇති අතර ඔවුන්ට අවශ්‍ය දේ මිලදී ගැනීමට මුදල් ද නොමැතිව දැඩි පීඩාවකට ලක්ව සිටී. එසේම විශාල පිරිසක් සුළු ඉඩප‍්‍රමාණයන් සහිත කාමරවල ජීවත්වීම හේතුවෙන් දැඩි අවදානම් සහගත තත්වයකට ලක්ව ඇත.

මේ තත්වය තුළ මෙම වෙළද කලාප සේවක සේවිකාවන්ට වහාම ආහාර ද්‍රව්‍ය ලබාදීමටත් ඔවුන්ව සුරක්ෂිතව ඔවුන්ගේ නිවෙස්වලට යැවීමේ වැඩපිළවෙලක් කඩිනමින් කි‍්‍රයාත්මක කිරීමත් රජය මැදිත් වී සිදු කළ යුතුය.

එසේම එදිනෙදා රැකියාවන්ගෙන් ජීවත් වන පිරිස් මේ වන විට බරතල දුෂ්කරතාවන්ට ලක්ව ඇති අතර ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීමට  මුදල් නොමැතිව දැඩි  පීඩාවකට ලක්ව සිටී. රජය ඔවුන්ට සහන සැලසීමට අදාළ කැබිනට් තීරණයක්  2020.03.25 දින ගනු ලැබූවද මේ දක්වා එම තීරණය කි‍්‍රයාත්මක වී නැත. ඇදිරි නීතිය පනවන අවස්ථාවේම මේ සම්න්ධයෙන් තීරණ ගත යුතුව තිබූ අතර, අදාළ තීරණය ප‍්‍රමාද කිරීම තුළ එදිනෙදා රැකියාවේ නිරත වන පිරිස් දැඩි පීඩාවක ලක්ව සිටී.

මේ තත්වය තුළ එදිනෙදා රැකියාවල නිරත වන පිරිස් වෙත සහන සැලසීමට ගත් කැබිනට් තීරණය වහා කි‍්‍රයාත්මක කිරීමටත්, වෙළද කලාප සේවක සේවිකාවන්ට සහන සැලසීමටත් රජය කටයුතු කළ යුතු බව පහත වෘත්තීය සමිති විසින් ප‍්‍රකාශ කර සිටී.

සමස්ථ ලංකා රාජ්‍ය කලමනාකරණ නිළධාරීන්ගේ සංගමය

  • ලංකා ගුරු සංගමය
  • ශි‍්‍ර ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය
  • වාර්මාර්ග පොදු සේවක සංගමය
  • ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය
  • පළාත් කළමණාකරණ සේවා නිළධාරින්ගේ සංගමය
  • ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය
  • දුම්රිය ඒකාබද්ධ පෙරමුණ
  • තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය
  • රජයේ කර්මාන්තශාලා සේවක සංගමය
  • එක්සත් ජාතික තැපැල් සේවක සංගමය
  • එක්සත් තැපැල් හා විදුල් සංදේශ සේවක සංගමය
  • ශී‍්‍ර ලංකා නිදහස් තැපැල් වෘත්තියවේදීන්ගේ සංගමය
  • ලංකා වාත්තිය සමිති ස්මමේලනය
  • රජයේ ආහාර නිරික්ෂිකා සංගමය
  • එක්සත් ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන්ගේ සංගමය
  • ජාතික නිදහස් වෘත්තිය සමිති සම්මේලනය
  • ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සේවක වෘත්තිය සමිතිය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435