නිලධාරිවාදය රකින්න කම්කරු පරිපාලන පුරප්පාඩු ඇතුළෙන්ම පුරවයි

කම්කරු අමාත්‍යංශයේ පරිපාලන තනතුරු නිසි ලෙස පිරවීමකින් තොරව නිලධාරිවාදයක් පවත්වාගෙන යන බවත්, එමගින් අමාත්‍යංශයේ පරිපාලන කටයුතු හා දෙපාර්තමේන්තුවේ පරිපාලන දුර්වලතා රාශියක් දක්නට ඇති බවත් රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන සැලසුම්) තනතුර පුරප්පාඩුව පවනින නමුත් ඒ සඳහා පරිපාලන සේවයේ සුදුස්සන් පත් කිරීමට අමාත්‍යංශයේ සිටින පරිපාලන සේවයේ අය විසින් බාධා එල්ල කරන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා පෙන්වාදෙයි.

පහල තනතුරක සිටි සහකාර ලේකම් (ආයතන) තනතුර දැරූ නිලධාරියා කම්කරු අමාත්‍යංශයේ ජ්‍යේෂඨ සහකාර ලේකම් (වැඩබලන) තනතුරට පත් කර තිබේ. ඔහුටම කම්කරු අමාත්‍යංශය යටතේ පවතින ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ(NILS) වැඩබැලීම පවරා ඇත. කම්කරු අමාත්‍යංශයේ පරිපාලන නිලධාරි තනතුර වසර ගණනාවක සිට පුරප්පාඩුව පවතින නමුත් එය පිරවීමට මෙතෙක් කටයුතු කර නැත. ජ්‍යෙෂ්ඨ සහකාර (වැ.බ) තනතුරට උසස්වීම නිසා පුරප්පාඩු වූ සහකාර ලේකම් (ආයතන) තනතුර ට කම්කරු අමාත්‍යංශයේ සහකාර ලේකම් (පාලන) තනතුර දැරූ නිලධාරිණිය මාරු කර එවා තිබේ. මේවන විට අමාත්‍යංශයේ සහකාර ලේකම් (පාලන) හිස්වී තිබේ. මෙම තනතුරට දැනට පරිපාලන නිලධාරි තනතුරේ වැඩබලන නිලධාරියාටම තාවකාලිකව වැඩ පැවරීමක් සිදුකර තිබේ.

මේ ආකාරයෙන් වගකීම් එකිනෙකා බෙදාහදා ගනිමින් සුදුසු නිලධාරීන් පත්වීමේ ඉඩකඩ අහුරා ඇති බවත්, එමගින් රටක ප්‍රධාන අමාත්‍යංශයක බිඳ වැටීමක් දක්නට ලැබෙන බවත්, අමාත්‍යංශය කැබිනට් නොවීම ත් එම ස්ථානය නිලධාරීන් තමන්ගේ සූදු කෙලින ස්ථානයක් බවට පත් කර ගැනීමට හේතුවක් වී ඇති බවත් ගමගේ මහතා අවධාරණය කළේය.

කිසිදු සුදුසුකම් ඇති පරිපාලන නිලධාරියෙකුටවත් කම්කරු අමාත්‍යංශයට/ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නට ඉඩනොදෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, කම්කරු අමාත්‍යංශයේ පරිපාලනය මෙලෙස බිඳ වැටෙද්දී කම්කරු දෙපාර්තමේන්තුවද බිඳ වැටෙන බවත් ඔහු සඳහන් කළේය.

රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය විසින් මෙම අවාසනාවන්ත තත්ත්වය ජනාධිපතිවරයාගේ සහ ඒකාබද්ධ අධ්‍යක්ෂ ජනරාල් තුමියගේ අවධානයට යොමුකරවන බවත්, කම්කරු අමාත්‍යංශයේ පවත්නා නිලධාරිවාදය තුරන් කර පරිපාන සේවයේ සුදුසුකම් තියෙන නිලධාරීන් ගෙනවිත් සුදුසු තැන් වලට පත් කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත්, එයින් කම්කරු අමාත්‍යංශයේ දූෂිත නිලධාරීන්ගේ දූෂිත ගනුදෙනු ටිකක් හෝ අවම කරන්නට හැකියාව ලැබෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සටහන – පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435