නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයෙකු වේ නම්, එම නිල ඡන්ද පත්‍රිකා තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙතින් ලබා ගැනීමේ හැකියාව නොවැම්බර් මස 16 වනදා සවස 5.00 දක්වාම පවතින බව කළ විමසීමක දී තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසූ බව රජයේ නිළ පුවත් අඩවිය ප්‍රකාශ කරයි.

මෙහිදී තම අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙහි නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඔක්තෝබර් මස 26 වන දා ආරම්භ කළ අතර මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් වශයෙන් නොවැම්බර් 03 වන ඉරිදා දින ද ක්‍රියාත්මක විය. මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස 09 වන දිනෙන් අවසන් විය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435