නිවාඩුවට පැමිණි ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනුම්දීමක්

නිවාඩු මත මව් රටට පැමිණ සිටින විදේශ රැකියාවන්හි නියුතු වූ ශ්‍රී ලාංකිකයින් හට Covid-19 වසංගත තත්ත්වය මත ලොව පුරා පනවා ඇති ගුවන් හා වෙනත් සීමාවන් නිසා පෙරළා තම සේවා ස්ථාන වෙත යාමේ අපහසුතාවයක් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

මෙම තත්ත්වය මත ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වාදෙයි.

එබැවින් නිවාඩු මත මව් රටට පැමිණ සිටින විදේශ රැකියාලාභීන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ තම හාම්පුතා සමඟ තොරතුරු හුවමාරු කරගනිමින්, මෙම පවතින බාධක ඉවත්වීමෙන් පසු තම රැකියා අවස්ථාව භාරගැනීමට පැමිණෙන බව දැනුම් දී තහවුරුවක් ලබාගැනීමට කටයුතු කරන මෙන් කාර්යාංශය විසින් විදේශ රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටියි.

තවද එසේ තම හාම්පුතුන් හා සම්බන්ධ වීමට අපහසු ශ්‍රමිකයන් සිටී නම්, එම රටවල විදේශ තානාපති කාර්යාලයන්හි කම්කරු අංශ වෙත පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයන් මඟින්, තොරතුරු හුවමාරු කරගන්නා ලෙස කාර්යාංශය දන්වා සිටියි.

එම තොරතුරු සමඟ ඔබගේ නම, ගමන් බලපත්‍ර අංකය හා හාම්පුතාට ඇමතිය හැකි දුරකථන අංක ඇතුළත් ඔබගේ තොරතුරු දන්වා සිටින මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.

එමෙන්ම www.slbfe.lk කාර්යාංශ වෙබ් අඩවියේ මෙම කාර්යය වෙනුවෙන්ම සකස් කොට ඇති Migrant workers on vacation වෙබ් ද්වාරය (web portal) මඟින් තම තොරතුරු කාර්යාංශය වෙත ලබාදීම ද සිදුකළ හැකි අතර, එමඟින් අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටිය හැක.

එක් එක් රටවල් සඳහා අදාළ ඊමේල් ලිපිනයන් පහත පරිදි දක්වා තිබේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435