නිවාඩු මත ලංකාවට පැමිණ ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට වැඩ පිළිවෙලක්

නිවාඩු මත මව්රටට පැමිණ සිටින විදේශ රැකියාවන්හි නියුතු වූ ශ්‍රී ලාංකිකයින් හට Covid-19 වසංගත තත්ත්වය මත ලොව පුරා පනවා ඇති ගුවන් හා වෙනත් සීමාවන් නිසා පෙරළා තම සේවා ස්ථාන වෙත යාමේ අපහසුතාවයක් ඇත. මෙම තත්ත්වය මත ඔවුන්ගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතී. එබැවින් නිවාඩු මත මව් රටට පැමිණ සිටින විදේශ රැකියාලාභීන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ තම හාම්පුතා සමග තොරතුරු හුවමාරු කරගනිමින්, මෙම පවතින බාධක ඉවත්වීමෙන් පසු තම රැකියා අවස්ථාව භාරගැනීමට පැමිණෙන බව දැනුම්දී තහවුරුවක් ලබාගැනීමට කටයුතු කරන මෙන් කාර්යාංශය විසින් විදේශ රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටී.

තවද එසේ තම හාම්පුතුන් හා සම්බන්ධ වීමට අපහසු ශ්‍රමිකයන් සිටී නම්, එම රටවල විදේශ තානාපති කාර්යාලයන්හි කම්කරු අංශ වෙත පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයන් මගින්, තොරතුරු හුවමාරු කරගන්නා ලෙස ඉල්ලා සිටියි. එම තොරතුරු සමග ඔබගේ නම, ගමන් බලපත්‍ර අංකය හා හාම්පුතාට ඇමතිය හැකි දුරකථන අංක ඇතුළත් ඔබගේ තොරතුරු දන්වා සිටින මෙන් කාර්යාංශය ඉල්ලා සිටී.

එමෙන්ම ‘www.slbfe.lk‘ කාර්යාංශ වෙබ් අඩවියේ මෙම කාර්යය වෙනුවෙන්ම සකස් කොට ඇති ‘Migrant workers on vacation’ වෙබ් ද්වාරය (web portal) මගින් තම තොරතුරු කාර්යාංශය වෙත ලබාදීම ද සිදුකළ හැකි අතර, එමගින් අවශ්‍ය සහයෝගය ඉල්ලා සිටිය හැක.

රට විද්‍යුත් තැපැල් ලිපිනය
01 අබුඩාබි slemb.abudhabi@mfa.gov.lk
shyamaluae28@gmail.com
02 බහරේන් slemb.bahrain@mfa.gov.lk
samanthamaithree@gmail.com
attacheacc.slemb.bh@gmail.com
03 සයිප්‍රස් slcg.cyprus@mfa.gov.lk
chandi.slbfe@gmail.com
04 ඩුබායි condubai@slcgdxb.ae
counsellorip.uae@gmail.com
05 ඊශ්‍රායල් slemb.telaviv@mfa.gov.lk
ruwan77rw@gmail.com
06 ජෝර්දාන් slemb.amman@mfa.gov.lk
raviabayapala@gmail.com
07 සවුදි අරාබිය (ජෙඩා) slcg.jeddah@mfa.gov.lk
manjulajayalath75@gmail.com
ajeez6561@gmail.com
roomy3943@gmail.com
08 කුවේට් slemb.kuwait@mfa.gov.lk
firstsecretarykw@gmail.com
gunasinghebmw@gmail.com
duasiri@gmail.com
09 ලෙබනන් slemb.beirut@mfa.gov.lk
hettiarachchitharanga213@gmail.com
10 මැලේසියාව slhc.kl@mfa.gov.lk
slhcmy@gmail.com
slhcseclabour@gmail.com
kiriella.2ndseclabourmy@gmail.com
11 මාලදිවයින slhc.male@mfa.gov.lk
ajanthaisenanayake@gmail.com
12 ඕමාන් slemb.muscat@mfa.gov.lk
emb.omans@gmail.com
kala.emboman@gmail.com
13 කටාර් slemb.doha@mfa.gov.lk
rasika.qatarem@gmail.com
padmi.qatarem@gmail.com
dilan.qatarem@gmail.com
14 සවුදි අරාබිය (රියාද්) slemb.riyadh@mfa.gov.lk
labourhead@slemb.org.sa
madhawad63@yahoo.com
wijes100@gmail.com
skarunarathne7@gmail.com
15 දකුණු කොරියාව mission@slembkr.org
labour.head@slembkr.org
labour.ts2@slembkr.org
16 සිංගප්පූරුව slhcs@lanka.com.sg
lypathi@lanka.com.sg
sajith@lanka.com.sg
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435