නිවාස ඉල්ලා වතු කම්කරුවන්ගෙන් උද්ඝෝෂණයක්

හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්තේ මැද කොටසේ ගිනිගෙන විනාශ වු වතු නිවාස වෙනුවෙන් නව නිවාස ඉදි කරදෙන ලෙස ඉල්ලා ගිනිගත් වතු නිවාස 20කට අයත් අවතැන් වු පවුල් 19 කට අයත් සමාජිකයන් සහ එම පවුල්වලට සහයෝගය දක්වන එම වතුයායේ වතු කම්කරුවන් පිරිසක් එක්ව අද (09) දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ පොඩයිස් තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට මෙම විරෝධතාව දක්වමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

ඉකුත් වසරේ දෙසැම්බර් මස 29 දින විදුලි කාන්දුවීමක් හේතුවෙන් හටගත් ගින්නකින් එම වතු යායේ වතු නිවාස 20 ක් ගිනිගෙන විනාශ වූ අතර ගින්නෙන් අවතැන් වු පවුල් 19 කට අයත් සමාජිකයන් 105දෙනෙකු,  වතු පාලන අධිකාරිය මඟින් එම වතුයායේම ක්‍රීඩාංගණයේ ඉදි කළ  කුඩාරම්වල තාවකාලිකව පදිංචි කරවනු ලැබිණි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතිනඅධික වර්ෂාව හේතුවෙන් තම දු දරුවන් සමඟ කුඩරම්වල ජීවත් වීමට නොහැකි බවත්, එම නිවාසවලට පිවිසෙන විසකුරු සර්පයන්ගෙන් තම ජීවිතවලට අවධානමක් පවතින බවත්, වැසි දිනවලදි තම නිවාස වලට ජලය කාන්දුවීම නිසා විවිධ දුෂ්කරතා මධ්‍යයේ තමන් එම කුඩාරම් වල ජිවත් වන බවත් උද්ඝෝෂණ යේ නියැළී සිටින පිරිස් පවසති.

මෙලෙස අවතැන් වු පවුල් වල සමාජිකයන් ඉකුත් 7 දින ද, හැටන් – ඩයගම ප්‍රධාන මාර්ගයේ පොඩයිස් ප්‍රදේශයෙන් අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435