නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලය ජනාධිපතිවරයාගේ හදිසි පරික්ෂාවට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේවා ලාභියෙකු කළ පැමිණිල්ලකට අනුව (23) දින පස්වරුවේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලය හදිසි නිරීක්ෂණයට ලක් කරන ලදි.

එහිදි ජනාධිපතිවරයා පවසන ලද්දේ රාජකාරි අවශ්‍යතාවක් සඳහා අවස්ථා ගණනාවක දී පැමිණිය ද එය ඉටු කිරීමට නිලධාරීන් අපොහොසත්ව ඇති අතර කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවා ඉටු නොකරන බව පැමිණිලිකාරිය සඳහන් කර ඇත.

ඒ අනුව පැමිණිල්ල කරන ලද පැමිණිලිකාරිය තම ජංගම දුරකතනයය වෙත සම්බන්ධ කර ගත් ජනාධිපතිවරයා එය සියලු දෙනාටම ඇසීමට සලස්වන ලදි.

තවදුරටත් ජනාධිපතිවරයා විසින් කාර්යාලය අධීක්ෂණය කළ අතර ප්‍රමාණවත් සේවක පිරිසක් එහි සිටින බව නිරීක්ෂණය විය.

සේවා ලබා ගැනීමට පැමිණි අබාධිත පුද්ගලයෙකු දැඩි අපහසුතාවට පත්වී සිටි අතර ඔහුගේ අවශ්‍යතාව සහ තොරතුරු විමසන ලදි.

එහිදී ජනාධිපතිවරයා විසින් මහජන අවශ්‍යතා කාර්යක්ෂමව හා නොපිරිහෙලා ඉටු කිරීම රාජ්‍ය සේවකයන්ගේ මූලික වගකීම බව කාර්යමණ්ඩලයට අවධාරණය කරන ලදි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - [email protected] - +94 777 073 435