නීතිවිරෝධීව මුදල් ගෙනියන්න හැදූ ලාංකිකයා රේගුවේ පැටලෙයි

නීතිවිරෝධී ආකාරයෙන් රුපියල් අසූනවලක්ෂ තිස්දාහසක් වටිනා සෞදි රියාල් මුදල් තොගයක් මෙරටින් ගෙනයාමට තැත්කළ ලාංකික ගුවන් මඟියෙකු ගුවන්තොටුපළ රේගුව විසින් ඊයේ (21) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා මෙම මුදල් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට උත්සාහකළ අවස්ථාවේ රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු වවුනියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවට තහවුරුකරගෙන ඇත.

සෞදි රියාල් තොගය රාජසන්තක කර තිබෙන අතර සැකකරුර රුපියල් ලක්ෂයක දඩ මුදලක්ද නියමකර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435