නීතිවිරෝධීව රැඳී සිටි විදේශිකයින් 14ක් අත්අඩංගුවට

වීසා කාලය අවසන්ව නීතිවිරෝධීව ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දියානුවන් 14දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් අය අතර ඉන්දියානුවෝ 12දෙනෙක් අලුත්ගම ප්‍රදේශයේ හෝටලයක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටි අය වෙන අතර එම පුද්ගලයන් 12 දෙනා සංචාරක වීසා මත පැමිණ එම කාලය ඉක්මවා, නීතිවිරෝධීව රැඳී සිටිමින් ඉදිකිරීමේ සේවාවන්හි යෙදී ඇති බවත්, අනෙක් දෙදෙනා නේවාසික වීසා මත පැමිණ එම වීසාකාලය ඉක්මවා රැඳී සිටි බවත් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම සැකකරුවන් 14 දෙනා මිරිහාන රැඳවුම් නිවාසයේ රඳවා ප්‍රශ්න කරගෙන යන බවත් මොවුන්ට නඩු පවරා දඬුවම් කර රටින් පිටුවහල් කරන බව විමර්ශන හා බුද්ධි ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435