නීතිවිරෝධීව රැඳී සිටි විදේශිකයින් 44ක් පොලිස් දැලේ

වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ඉදිකිරීමේ වැඩබිමක සේවය කළ ඉන්දියානු ජාතිකයින් 44දෙනෙකු ආගමන විගමන විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) කොම්පඤ්ඤවීදියේ වැඩබිමකදී අත්අඩංගුවට ගෙන ඇත.

එහි සේවය කළ තවත් ඉන්දියානු කම්කරුවන් 18 දෙනෙකුගේ ගමන් බලපත්‍රවල වෙනත් ඉදිකිරීම් ආයතනයක නමක් සඳහන්වීම හේතුවෙන් එම බලපත්‍ර සිය භාරයට ගත් බවද සහකාර පාලක(විමර්ශන) නිලධාරී එම්.ජී.එම්. කාරියවසම් මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයින් 44 දෙනාගේ වීසා කාලය මාස 3කට වඩා ඉක්ම ගොස් තිබූ බවද ඒ මහතා කීය.

මෙම පිරිස මේ  වනවිට මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා ඇත.

ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම වැටලීම කර ඇත.

මූලාශ්‍රය -ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435