නීතිවිරෝධී දෑ කටාර් ගෙනියන්න උත්සාහකළ ලාංකිකයෙකුට වැඩ වැරදෙයි

ගංජා තොගයක් නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍යය වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (04) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු පුත්තලම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 665 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ මුරුක්කු අඩංගු පාර්සල් කීපයක් තුළ මෙම ගංජා තොගය අසුරා තිබුණි.

රුපියල් 5,87,000 ක් වටිනා ගංජා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 789 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435