නීතිවිරෝධී දෑ ගෙනා ගුවන් මඟීන් 4ක් කටුනායකදී රේගු දැලේ

දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු  අද (14) ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

අත් අඩංගුවට පත්වූ මේ සිව් දෙනා අද දින අලුයම 5.00 ට පමණ ඩුබායි සිට පැමිණි යූ.එල්.- 226 දරන ගුවන් යානයේ සහ අබුඩාබි සිට පැමිණි යූ.එල්. – 208 දරන ගුවන් යානයේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මේ අය අතරින් ඩුබායි සිට පැමිණි ගුවන් යානයේ මහනුවර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක යුවළක් මෙම දුම්වැටි තොගය සමග අත් අඩංගුවට ගෙන ඇති අතර , අබුඩාබි සිට පැමිණි ගුවන් යානයෙන් පැමිණි 40 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිමි ගුවන් මගියෙකු සහ එම ගුවන් යානයෙන්ම පැමිණි මාතලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් ද රේගු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් විසින් මැදපෙරදිග රටවල නිෂ්පාදනය කරන දුම්වැටි වර්ග 4 කට අයත් , රුපියල් 45 ලක්ෂයක් පමණ වටිනා, දුම්වැටි 90,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 454 ක්, ගමන් මලු 08 ක සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435