නීති විරෝධීව ප්‍රංශයට ගිය ලාංකිකයින් 70 දෙනා අද යළිත් දිවයිනට

ධීවර යාත්‍රා මගින් නීති විරෝධී ආකාරයෙන් ප්‍රංශයට යාමට උත්සාහ ගත් ලාංකිකයින් 70 දෙනා අද දිනයේ ප්‍රංශයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය ජනවාරි 24 වෙනිදා ධීවර යාත්‍රාවකින් පුද්ගලයින් 72ක් හලාවතින් පිටත්ව රීයුනියන් දිවයිනට පෙබරවාරි 04 වෙනි දින ළඟා වී ඇත.

කෙසේ වෙතත් එහිදී අත් අඩංගුවට පත් පිරිස මෙලෙස මෙරටට රැගෙන එන බවයි එහි ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් කල්‍යාණි හේවාපතිරණ මහත්මිය කියා සිටියේ.

මේ පිරිස අතර කුඩා දරුවන් 05ක් හා කාන්තාවන් 08ක්ද සිටි බව සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435