නීති විරෝධීව රැඳී සිටි විදෙස් ශ්‍රමිකයින් 340ක් අත්අඩංගුවේ

ඕමානයේ නීතිවිරෝධී ආකාරයෙන් රැදී සිටි විදේශ ශ්‍රමිකයන් තුන්සිය හතලිහක් (340) අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ පසුගියදා කටයුතු කර තිබේ.

අත්අඩංගුවට පත් ශ්‍රමිකයින් අතර ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ විදේශ ශ්‍රමිකයන් 254ක්ද, කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ විදේශ ශ්‍රමිකයන් 19ක් සහ ගෘහ සේවයට සම්බන්ධ විදේශ ශ්‍රමිකයන් 67 දෙනෙක් පමණ සිටින බව සඳහන්.

මාර්තු 31 දින සිට අප්‍රේල් 04 දක්වා කාලය තුල සිදුකරන ලද වැටලීම්වලින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

නීතිවිරෝධි විදේශ ශ්‍රමිකයන් 469 දෙනෙක් පිටුවහල් කිරීමට මීට පෙර කටයුතු කළ බව ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය ප්‍රකාශ කලේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435