නීති විරෝධී ලෙස ජෝර්දානයේ සිටී නම් පොදු සමාවක්

ජෝර්දාන් රජය විසින් මේ වසර සඳහා වන දෙවන පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබේ.

මෙම පොදු සමා කාලය සැප්තැම්බර් මස 22වන දින සිට නොවැම්බර් මස 21 වනදා දක්වා මාස 02ක කාලයක් සඳහා වලංගු වන බව එම කාර්යාලය සඳහන් කරයි.

මෙම පොදු සමා කාලය තුළ ජෝර්දානයට රැකියා වීසා මත ගොස් වීසා නොමැතිව නීත්‍යානුකුල නොවන අන්දමින් රැඳී සිටින විගමණික ශ්‍රමිකයින්ට කිසිදු මුදල් ගෙවීමකින් තොරව මෙරටට පැමැණීමේ හැකියාව පවතී.

කෙසේවෙතත් වීසා මත රටට ඇතුළු වී නියමිත වීසා කාලය ඉක්මවා රැඳී සිටින විදේශකයින් හට ඒ සඳහා වු දඩ මුදලක් ගෙවා එරටින් පිටවීමට හැකියාව ලබා දීඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ වසරේ පෙබරවාරි මාසයේද ජෝර්දානයේ රැඳී සිටි විදේශකයින් සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබුණි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435