කොරියාවේ නීති විරෝධී රැඳී සිටින්නන්ට දැඩි නීති

දකුණු කොරියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයින් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණ ක්‍රියාවලියක් සිදුකරන බව එරට අධිකරණ අමාත්‍යාංශය පවසයි.

ඉකුත් ඉරිදා දිනයේ (06) අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන පරිදි  අවසරයකින් තොරව එහි  පදිංචිව සිටින පුද්ගලයින්ට පිටත්වීමේ සැලසුම් බලධාරීන්ට වාර්තා කළ දිනයේ සිට තවදුරටත් රට හැර යා නොහැකි නමුත් අදාළ වාර්තාව දින 3- 15 කට පෙර ඉදිරිපත් කළ යුතුය.

මෙම නව නීතිය ඔක්තෝබර් 21 දින සිට ක්‍රියාත්මක වන අතර විදේශීය අපරාධකරුවන් පලා යාම වැළැක්වීම මෙහි අරමුණ බැව් කියැවෙයි.  ඒ අනුව නව නීතිමය විධිවිධාන අනුව අනවසරෙන් රැඳී සිටින අයවළුන්ට පිටත්වීම වාර්තා කරන විට ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සහ ගුවන් ටිකට්පත් ඉදිරිපත් කළ යුතු අතර ඉන් පසුව දින වෙනස් කිරීමට ඔවුන්ට හැකියාවක් නැත.

පිටත්වීමට නියමිත දිනයේදී පිටත්වීමේ වරායේ පිහිටි ආගමන විගමන කාර්යාලය විසින් අයදුම්කරුවන්ට රටින් පිටවීමට අවසර ලබා දෙන්නේ කිසියම් අපරාධයක් සඳහා පොලීසියට අවශ්‍ය නොවන්නේ නම් පමණි.  පවුලේ සාමාජිකයෙකුගේ මරණය හෝ බරපතළ රෝගාබාධ වැනි සුවිශේෂී තත්ත්වයන්, වැනි හදිසි හේතුවක් තිබේ නම්  ඔහුට හෝ ඇයට ඒ සම්බන්ධයෙන් සාක්ෂි ආගමන කාර්යාලයට ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.

ඔක්තෝම්බර් 14 වන දින සිට www.hikorea.go.kr හෝ ආගමන සේවා කාර්යාල වෙබ් අඩවිය වන www.immigration.go.kr හරහා නව පිටත්වීමේ ක්‍රියාවලිය සඳහා අමාත්‍යාංශය විසින් අයදුම්පත් බාරගනු ලැබෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435