නුපුහුණු විදෙස් ශ්‍රමිකයන්ගේ ශ්‍රමිකයන්ගේ වැටුප් වැඩිකිරීමට සෞදි අරාබි රජය හරස් වෙයි

29 සැප්තැම්බර් 2014 – wedabima.lk

 

මැදපෙරදිග රටවල රැකියා කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ද ඇතුළු ඉන්දියාව, පිලිපීනය, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය, තායිලන්තය, වියට්නාමය, චීනය හා ඇෆ්ගනිස්ථානය යන රටවලින් පැමිණෙන නුපුහුණු සේවකයන්ගේ මාසික වැටුප් වැඩිකිරීමේ යෝජනාවකට සෞදි අරාබි ජනරජය හරස් වී තිබේ.

 

ඉහත රටවලින් මැදිපෙරදිග සේවයට පැමිණෙන නුපුහුණු සේවක සේවිකාවන්ගේ අවම වැටුප වැඩිකර ගැනීමට නිරතුරුවම එම රටවලින් ඉල්ලීම් කිරීම නිසා ඒ පිළිබඳ සොයා බලා කරුණු වාර්තා කිරීමට සෞදි ව්‍යවසායක සංගමය කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසින් වැටුප් පිළිබඳ සිදුකර ඇති සමීක්ෂණයන් වෙත සෞදි අරාබිය සිය නිර්දේශ යොමු කරමින් වැටුප් වැඩිකිරීමේ යෝජනාවලට එරෙහි වී ඇත.

 

ඔවුන් එසේ එරෙහි වී ඇත්තේ ඉන්දියාව විසින් නිරතුරුවම ඔවුන්ගේ නුපුහුණු සේවකයන්ගේ අවම වැටුප මසකට සෞදි රියාල් 1500 දක්වා වැඩිකර ගැනීමට ක්‍රමානුකූලව කර ඇති ඉල්ලීම් සලකා බලා බව පැවැසේ.

 

මෙම කමිටුව විසින් හෙළි කරගෙන ඇති තොරතුරුවලට අනුව තම සේවකයන්ගේ අවම වැටුප වැඩි කර ගැනීම සඳහා මැද පෙරදිග රටවලට බලපෑම් කිරීමට ඉහත රටවල් අතර එකඟතාවක්ද ඇති කරගෙන තිබේ.

 

සෞදි ව්‍යවසායකයන්ගේ කමිටුවට වැටුප් පිළිබඳ ලැබී ඇති යෝජනාවක් වන්නේ ඒ ඒ රටවලට අනුව අවම වැටුපක් නියම කිරීමයි. එහෙත් එම යෝජනාව ලෝක කම්කරු නීතිවලට පටහැනි වේදැයි කමිටුව විසින් සොයා බලමින් සිටියි.

 

මූලාශ්‍රය –  මව්බිම

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435