නුවරඑළිය විගමනික සේවකයින්ගේ තොරතුරු රැස් කරයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාමනිලධාරින්, සංවර්ධන නිලධාරින් සහ ප්‍රාදේශීය කාර්යාලයීය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදි.

එහිදී විගමනික සේවකයින්ගේ (රැකියා නොමැති තරුණ ප්‍රජාව ඇතුළුව) කුසලතා වර්ධනයට අවශ්‍යතා හඳුනා ගැනීම සහ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ රැකියා විරහිත තරුණ ප්‍රජාව හඳුනාගෙන ඒ පිළිබඳ විස්තර, එතෙර රැකියා බලාපොරොත්තුව සිටින පුහුණුව/පළපුරුද්ද සහ සුදුසුකම් සපිරි පුද්ගලයින්ගේ තොරතුරු, මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ප්‍රචලිත රුකියා සහ සම්පත්, පාසල් උපකරණ/ අධ්‍යාපන සුදුසුකම් ලබා දීමට අවශ්‍ය විගමනික ශ්‍රමික පවුල්වල දරුවන් පිළිබඳ තොරතුරු, ලංකාවට ආපසු පැමිණ ඇති විගමනික ප්‍රජාව පිළිබඳ තොරතුරු, යම් කිසි ව්‍යසනයක් සිදුවූ විට එයින් විපතට පත් විගමනික සේවක පවුල්වල සාමාජිකයින්ගේ තොරතුරු, විශේෂ ප්‍රතිලාභ ලැබිය යුතු විගමනික ශ්‍රමිකයන් විසින් කරනු ලබන ඉල්ලීම් පිළිබඳ තොරතුරු, ලංකාවට ආපසු පැමිණි විගමනික ශ්‍රමිකයන් මෙරට රැකියා බලාපොරොත්තුවන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු සහ තවදුරටත් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කරවීමට අවශ්‍ය තරුණ තරුණියන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා පරිපාලන ග්‍රාම නිලධාරි ඇතුළුව ග්‍රාම නිලධාරි මහත්ම මහත්මීන් 81 ක් ඇතුළුව නිලධාරින් 100ක් පමණ සහභාගි විය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435