නෙදර්ලන්තයෙන් එවූ ඇඳුම් පෙට්ටිවල මිලියන 24ක මත් පෙති

කාඩ්බෝඩ් පෙට්ටි තුළ සූක්ෂම ලෙස අසුරා මෙරටට ගෙන්වන ලද මත්පෙති තොගයක් කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එහිදී මත්පෙති 4960ක් රේගුව විසින් සොයාගෙන තිබෙන අතර මෙම තොගයේ වටිනාකම මිලියන 24.8ක් වන බවයි රේගු ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

භාණ්ඩ ප්‍රවාහන සමාගමක් මාර්ගයෙන් නිමි ඇඳුම් ගෙන්වන මුවාවෙන් මෙම මත්පෙති තොගය මෙරටට ගෙන්වා තිබෙන අතර එම පෙට්ටි නෙදර්ලන්තයේ සිට කොළඹ 15 ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබෙන බවත් සදහන්.

මේ සම්බන්දයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා මත්පෙති තොගය පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාර දී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435