නොවිසඳුණු ගැටළු වෙනුවෙන් දුම්රියේ විරෝධතා

වසර 5කට වැඩි කාලයක් දුම්රිය ක්ෂේත්‍රයේ සේවය ස්ථිර නොකළ සේවකයින් 1500ක් ස්ථිර සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය අද (10) විරෝධතාවයේ නිරත වී තිබේ.

මෙම විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය, මරදානේ පිහිටි දුම්රිය මූලස්ථානය සහ දෙහිවල දුම්රිය ස්ථානය අසළ විරෝධතාවයේ නිරත වූ බව අප වාර්තාකරුවන් පවසයි.

දුම්රිය සේවයට 2014 සහ 2015 වසරවලදී අනියම්, ආදේශක, තාවකාලික, සහන සහ කොන්ත්‍රාත් යන පදනමින් බඳවා ගත් 1500ක් මෙතෙක් ස්ථිර නොකළ බවට චෝදනා කරමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය මරදානේ පිහිටි ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදී අද පෙරවරුවේ විරෝධතාවයක් ආරම්භ කරන ලදී.

සේවකයින් දෙදෙනෙක් මරදාන දුම්රිය ස්ථානයේ වහළය මත නැඟ විරෝධතාවයේ නිරතවී ඇති අතර ඊට සමාගාමීව දූම්රිය වාත්තීය සමිති සන්ධානය විසින් කොළඹ කොටුව දුම්රිය පොළ අසල දී අද පෙරවරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබිණි.

දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය හා රත්මලාන දුම්රිය කම්කරු සමිතිය ද මෙම විරෝධතාවට එයට සහය පළ කර තිබේ.

මෙහිදී අදහස් දැක්වු දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.බී. විතානගේ මහතා පවසා සිටියේ, මෙම පිරිස ස්ථීර කිරීම සඳහා නව චක්‍රලේඛන අවශ්‍ය නොවන බවයි.

එසේ වුවද දීර්ඝ කාලයක් තිස්සේ සේවක අයිතීන් උල්ලංඝණය කරමින් අත්තනෝමතික ලෙස පාලකයින් ක්‍රියා කරන බවට හෙතෙම චෝදනා කළේය.

මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණි අතර, එහිදි ඔවුන්ගෙන් 5 දෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවී තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435