පත්වීම් නොදුන්නොත් ආර්ථික කටයුතු අමාත්‍යාංශය වටලන බවට උපාධිධාරීන් කියයි

පොරොන්දු වූ පරිදි රජයේ පත්වීම් ලබා දීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා පසුගිය 04 වෙනි දින බාහිර උපාධි සුරකින්නන්ගේ සංවිධානය විසින් කොටුව දුම්රියපොළ අසලින් ආරම්භකළ විරෝධතා පාගමන කොළඹ කොටුව ආර්ථික කටයුතු අමාත්‍යාංශය දක්වා සංවිධාන කර තිබුණි.

එම අවස්ථාවේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අසංග දයාරත්න මහතා සමඟ පැවති සකච්ඡාවේදී සැප්තැම්බර් 18 වෙනි දින පත්වීම් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බාහිර උපාධි සුරැකීමේ සංවිධාන ඒකතුවේ කැඳවුම්කරු මහේෂ අඹේපිටිය මහතා පෙන්වා දෙන්නේ අභ්‍යන්තර උපාධිධාරීන් 16,800ක් සඳහා පත්වීම් ලබා දීමේදී පුරප්පාඩු වී ඇති 4667ක් පමණ වන බාහිර උපාධිධාරීන්ට මෙහිදී පත්වීම් ලබා දීමට එකඟවූ බවයි.

ඊට අමතරව වයස අවුරුදු 40 සීමාව ඉක්මවූ උපාධිධාරීන් 205 දෙනෙකුටද විශේෂ වැඩපිළිවෙලක් යටතේ පත්වීම් ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරන බවද අසග දයාරතන මහතා එම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් අමාත්‍යාංශය ප්‍රකාශකළ පරිදි පත්වීම් ලිපි නොලැබුනහොත් ලබන 18 වෙනිදා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ පත්වීම් ලබා දෙන තුරු පිටවී නොයන බවයි බාහිර උපාධි සුරැකීමේ සංවිධාන ඒකතුවේ කැඳවුම්කරු මහේෂ අඹේපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435