පත්වීම් භාර නොගත් පුරප්පාඩු 6000ක් සඳහා නැවත උපාධිධාරීන් බඳවා ගැනීමේ සූදානමක්

උපාධිධාරීන් 16800කට රැකියා ලබා දීමට තීරණය කළද ඒ සඳහා 6000කට වැඩි පිරිසක් පත්වීම් භාර ගැනීමට පැමිණ නොමැති නිසා එම පුරප්පාඩුවට බාහිර උපාධිධාරීන් බඳවා ගැනීමට තීරණය කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අංසක දයාරත්න මහතා සමඟ රැකියා විරහිත උපාධිධාරී සංගමය පසුගිය 13 වෙනි දින කළ සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ තිබෙන බව සඳහන්.

ඒ අනුව 2012,2013 සහ 2014 වර්ෂවලට අයත් බාහිර උපාධිධාරීන්ට පත්වීම් දීමට මෙලෙස එකඟ වූ බව රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් ප්‍රකාශ කර තිබේ.

එනමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බාහිර උපාධිධාරීන් සුරැකිමේ එකමුතුවේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා සඳහන් කරන්නේ 2012,2013,2014 වර්ෂවල බාහිර උපාධිධාරීන්ට පමණක් පත්වීම් ලබා දීමට රජය එකඟ වීම පිළිබඳව සෑහීමකට පත්වීමට නොහැකි බවයි.

එම වර තුනට අදාල බාහිර උපාදිධාරීන් සිටින්නේ 2000ක් පමණක් වන බවත් ඇතිවී ඇති පුරප්පාඩු සංඛ්‍යාව 6000ක් පමණ වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435