පරිපාලන නිලධාරි වැටුප් වැඩි කිරීම අර්බුදයක?

රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වැටුප් වැඩිකළ යුතු බවට ඇති යෝජනාවක් හේතුවෙන් රජයට රුපියල් බිලියන 159 ක් වසරකට වැයකිරීමට සිදුවන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු කීය.

එම නිලධාරීන්ගේ වැටුප් වැඩිවුවහොත් එම මාසික වැටුප් සඳහා රුපියල් බිලියන 147 කුත්, විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12 කුත් වැයවන නිසා රජයට මෙලෙස රුපියල් බිලියන 159 ක අමතර වැය බරක් දැරීමට සිදුවන අතර එමගින් විශාල වැටුප් විෂමතාවක්ද ඇතිවන බව හෙතෙම සඳහන් කළේය.

‘රනුග්ගේ. කමිටු වාර්තාව මගින් රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ගේ වැටුප් වැඩි කළ යුතු බවට මෙලෙස යෝජනාවක් පැමිණ තිබේ.

එම වැටුප් වැඩිකිරීම රජයකට දරාගත නොහැකි තරමේ වැය බරක් බවත් එම මුදල වැටුප් සඳහා වැයවීම ජාතික අපරාධයක් බවද ඉහත ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435