පරිපාලන නිලධාරීහු ලෙඩින්

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා, පළාත් පාලන ආයතන ඇතුළු සියලූ රාජ්‍ය ආයතනවල පරිපාලන නිලධාරීන් අද (10 දා) ආරම්භ කරන ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයට එක්වන බව ශී‍්‍ර ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසයි.

තම සංගමය අද සහ හෙට (10 හා 11) ලෙඩ නිවාඩු වාර්තා කර සිදු කරන වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතනවලින් සේවාවන් සිදුකර ගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත්විය හැකි බව එම සංගමයේ සභාපති ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

රජය විසින් ඇතිකර තියෙන වැටුප් විෂමතාව ඉවත් කර ගැනීම, පරිපාලන නිලධාරීන්ට සිය රාජකාරි ස්වාධීනව ඉටුකර ගෙන යාමට ඉඩ සලස්වා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාවේ නිරත වන බවද ඒ මහතා කීය.
මෙම දෙදින වෘත්තීය කි‍්‍රයාමාර්ගයෙන් පසුව හෝ තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු නොවන්නේ නම් ලබන සති දෙක ඇතුළත විධායක සභාව රැුස්වී තීන්දුවක් ගන්නා බවද ඒ මහතා කීය.

සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435