පරිපාලන සේවා සංගමය අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමක්

දිසාපතිවරුන්/දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ට දේශපාලඥයින් විසින් සිදුකරන පදනම් විරහිත චෝදනා, වැටුප් හා දීමනා විෂමතා, ප්‍රවාහන දීමනා විෂමතා, අනුමත තනතුරුවලට විශ්‍රාමික නිලධාරීන් සේවයේ යෙදවීම, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් තිබියදී නිසි පරිදි එම පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය දෙදිනක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් දියත්කරන ලදී.

කෙසේවෙතත් මෙලෙස ආරම්භකරන ලද දෙදෙනක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදින් (11) අවසන් වුවත් තම වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් ඉදිරි සතියේදී විසඳුම් නොලැබුණ හොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එස්.ආර්.ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

සිය ගැටළු සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් දැනුවත් කළද රජයෙන් මේ දක්වා නිසි පිළිතුරක් නොලැබුණු නිසා මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වූ බව සඳහන් කළ එස්.ආර්.ද සිල්වා මහතා අද දිනයේ තම සංගමයේ සියලුම නිලධාරීන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් එහිදී සංදේශයක් භාරදීමටද නියමිත බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435