පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයට අතුරුතහනමක්

30 අගෝස්තු 2014 – wedabima.lk

 

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් කරගෙන යනු ලබන වැඩවර්ජනය අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණයෙන් ඊයේ (29) අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

 

රෝගියෙකු විසින් ගොනු කළ පෙත්සමක් සලකා බලා අධිකරණය විසින් එළඹෙන සැප්තැම්බර් මස 12වන දින දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අතුරුතහනම් නියෝගය සිදුකෙරුණු බව අප වාර්තාකරු පවසයි.

 

ඉල්ලීම් කිහිපයක් අරමුණු කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනයට ඊයේ දිනට (29) දින 4කි.

 

මේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු බොහෝ සෙයින් අඩපණවී ඇතත්, බලධාරීන් සමග කරන ලද සාකච්ඡා මගින් විසඳුමකට එළඹීමට නොහැකිවීම හේතුවෙන් ඉල්ලීම් ලැබෙනතුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නිවේදනය කර තිබිණි.

 

කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ රෝගියෙකු විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලූ ප්‍රධාන විනිසුරු සුජාතා අලහප්පෙරුම විසින් ‘පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය‘නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති 5ට මෙම අතුරුතහනම් නියෝගය ලබාදුන් බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435