පරිසරය රැකගැනීමට වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්

මේ සමාජයේ වැඩිහිටි ශ්‍රි ලාංකිකයෙකු ලෙස ඔබේ පවුලේ දුවා දරුවන් හා නෑ මිතුරන් වෙනුවෙන් ද මුළු මිනිස් ප්‍රජාව වෙනුවෙන් ද එකම දිනක් ගත කරන්න හැකි ද? උත්තරය ඔව් නම් ඊළඟ ප්‍රශ්නය මොනව කරන්නද? කුමක් සඳහාද? ඔබ අසාවී.

ඔබ අප මුළු මිනිස් වර්ගයා ජීවත්වෙන පෘථිවි ග්‍රහයා දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයත්,  දේශගුණ‍යත් දිනෙන් දින රෝගී අසාධ්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව ලෝකයේ නොයෙකුත් දෙසින් අසන්නට දකින්නට ලැබෙනවා.

ලංකාව වැනි කුඩා දූපතක අපි පොඩි කාලේ ඉගෙන ගන්නකොට කියලා දුන්නේ ඊසානදිග මෝසම් සුළං,  නිරිතදිග මෝසම් සුළං, යලට මහට ගොවිතැන,  හේන් ගොවිතැන්, සරුසාර වී ගොවිතැන ආදිය ගැනයි.

ඒවා උඩු යටිකුරු වී ඇති බව ඔබ අසා ඇති. ඔබ දන්නවා අද අපිට එදා විදිහට  අද වහින්න නැහැ. පායන්නෙත් නැහැ. ඔබ අපි හිතපු විදිහට අද වහින්නෙ  පායන්නේ නෑ. මේකට හේතුව හොයන්න බලන්න අපිට වෙලාවත් නැහැ නේද?  ලෝකය උඩු යටිකුරු වෙලා බව අපිට පේනවා. ඉස්සර අපි අපේ ගෙවත්තේ තියන ලිඳෙන් වතුර අරගෙන බිව්වා. සමහරවිට වත්ත පහල තියෙන අතින් වතුර අරගෙන නාන්න පුළුවන් පොකුණෙන් නෑවා.  නැත්නම් පුංචි දොල  පාරකින් කෑවා.

දැන් අපේ ළිං වෙනුවට අපිට පයිප්ප වතුර තියෙනවා. ඇලේ දොලේ නාන්න බැහැ වගාවන්ට යොදන කෘෂි රසායන වල විෂ නිසා ඒවයෙ නාන්න බැහැ.

සමහර කර්මාන්ත ශාලාලින් ඉවත දමන විෂ සහිත අපද්‍රව්‍ය පොළොවට උරා ගෙන උල්පත් හරහා අපේ ළිඳට ඇවිල්ලා වතුර බොන්න බෑ. නාන්න බැහැ ඒක නිසා අපිට වතුර බෝතල් සල්ලි ගෙවල ගන්න වෙලා.

මොකද කරන්නේ කියලා සමහර පළාත්වල ජනතාව ජල ප්‍රශ්නය ගැන උද්ඝෝෂණය කළ නිසා මිනිස් ජීවිත පූජා කරන්න සිද්ධ වුණා.

රාජාංගනය සහ තවත් පළාත්වල ගොවි ජනයාට තමන්ගේ කුඹුරට තියන වතුර ටික නොදී බහුජාතික සමාගම් හෝ වතුර බෝතල්කර විකුණන සමාගම් වලට ජලය විකිණීමට දරන උත්සාහයට උද්ඝෝෂණය කරලා පොලිස් බැටන් ප්‍රහාර, කඳුළුගෑස් වලින් සංග්‍රහ කලේ රජයයි. ඒ මදිවට  අධිකරණ ක්‍රියාවලියටත්  මුහුණ දෙන්න සිද්ධ වුණා.

නාගරික ජනතාවට කීවතාවක් ජලය නැතුව දිනකට පැය ගණන් බලාගෙන ඉන්න සිද්ධ වුණාද?  ජල විදුලිය නිපදවන්න පුළුවන් කියන රටේ මාසිකව  කී වතාවක් අප විදුලිබල කප්පාදුවෙන් පීඩා විඳිනවාද ?
එසේම රටේම තිබෙන ජලාශ සිඳී ගොස් නිසා විදුලිය සැපයීමට ඉන්ධන පිටරටින් ගෙන්වීමට කොපමණ මුදලක් අප වැය කරනවාද?  ඉතාම අසතුටුදායක හා කාලකන්ණි තත්ත්වයක තිබෙන  මහාමාර්ග නිසා ප්‍රවාහනයේදී පැය භාගයකින් යා හැකි ගමනකට අපිට  පැය දෙකක් හෝ තුනක් ගතවෙනවා. මේ නිසා බරපතල වායු දූෂණයක් සිදුවෙනවා. ගමනාගමන තදබදය නිසා ඉන්ධන වලින් පිටවන වායු විමෝචනය නිසා වාතය කාබන් ඩයොක්සයිඩි ( CO2 ) නිසා කොපමණ පරිසරය දූෂණය  වනවාද?  රජයේ ලංගම බස් සහ පුද්ගලික බස් කිසිදු ප්‍රමිතිකරණයකින් තොරව ගමනා ගමනයට යොදා ඇති නිසා,  පිට කරන විෂ  පැය භාගයක් පාරෙ හිටගෙන හිටියොත් රෑට ඇදුම, හුස්ම ගැනීමට අපහසු තත්වයකට ඔබට පත් වන්නට සිදුවන බව අත්දැකීමෙන් අපට කිව හැකියි නේද ?

කොළඹ නගරය නුවර , ගම්පහ,  ජාඇල කඩවත වැනි පළාත් වල ඉතාම අප්‍රසන්න තදබදයක් හා අබලන් වූ මාර්ග පද්ධතියක් නිසා පුදුම වදයක් විදින මිනිසුන් ඉන්නෙ.

ඒ මදිවාට ගෙවල්වල කුනු ටික පාර අයිනේ පොලිතින් බෑග් එකක ගෙනල්ල වීසි කරන නරුම මිනිසුන් පරිසරයට තවත් හානියක්. කැලිකසල දසුන් සමග වටපිටාවක් තිබිය දී කොළඹ නගරයේ අහස උසට දිනෙන් දින ඉදිවන තට්ටු තිහ හතළිහේ සුපිරි ගොඩනැගිලි මෙගා සිටි ව්‍යාපෘති අපට දකින්නට පුළුවන් බ්ලූමැන්ඩල් හෝ මීතොටමුල්ල කුණු කන්ද වැනි අත්දැකීම් ඉදිරි කාලය තුළ අපට බහුලව දකින්නට ලැබෙනවා නොඅනුමානයි මේ සුපිරි ගොඩනැගිලි වලින් ගොඩනැගිලිවලින් එකතුවෙන කුණු කසල ඔක්කොම කොහේද දමන්නේ? ඒවා ගැන නිසි සැලසුම් තිබෙනවාද ප්‍රශ්නයක ?  ඉහත කියා සිටියේ ඉතාම සරල පරිසර විනාශයන් ගැනයි.

අපි දැන් මහා පරිමාණ විනාශය ගැන බලමු. ලෝකයේ උත්තර ද්‍රැවයේ  තිබෙන ග්ලේශියර  කඳු දියවීමට පටන්ගෙන තිබෙනවා.

එයට හේතුව වශයෙන් දක්වන්නේ ලෝකයේ උෂ්ණත්වය වැඩිවීම නිසා බවයි.   ඒ සදහා වඩාත්ම වගකිවයුතු දියුණු පලවෙනි ලෝකයේ රටවල්.

ඒ රටවලින්  ඇතිකල පාරිසරික ගැටලු

ග්ලේශියර දියවීම නිසා සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යාමත් සමගම ඉතා විශාල දුපත් ප්‍රමාණයක්  ජලයෙන් යට වී යන බව දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මතක තියා ගන්න අපේ ලංකාව දූපතක් බව.

පරිසරය රැකගැනීමට වෘත්තිය සමිති නායකයින්, කම්කරුවන් මේ ගැන සාකච්ඡා කිරීමට සුදානම් කරලා තිබෙනවා ඔක්තෝම්බර් 10 වෙනිද උදේ 10.30 ට කොළඹ 03, කොල්ලුපිටියේ, බාලා තම්පෝ මාවතේ, සී.එම්. යූ ශාලාවේදී, වැඩි විස්තර දැනගැනීමට මේ දුරකථන අංක වලට කතා කරන්න. 0778201690 / 0714986244

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435