පවුලේ වීසා ගන්න ඉන්න කුවේටයේ විදේශිකයින්ට නවතම සීමා පැනවේ

කුවේටයේ පවුලේ වීසා ලාබා ගැනීමට අපේක්ෂාවෙන් පසුවෙන විදේශිකයින්ට එරට බලධාරීන් විසින් නව සීමාවන් පනවා ඇති බව වාර්තා වේ.

කුවේටයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් කාලිඩ් අල්-ජරා අල් සබා විසින් නිවේදනයක්ද නිකුත්කරමින් ප්‍රකාශකර ඇත්තේ එරට පවුලේ වීසා බලපත්‍රයක් ලබා ගැනීමට බලපෑ අවම වැටුප කුවේට් ඩිනාර් 500 (KD500) දක්වා ඉහළ නවා තිබෙන බවයි.

මින් පෙර පවුල් වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමට අවම වැටුප කුවේට් ඩිනාර් 450ක් (KD450) දක්වා විය යුතු බවට සංශෝධනයය්ක් සඳහා නියෝග නිකුත්කර තිබුනද නවතම තීරණයට අනුව එය කුවේට් ඩිනාර් 500 දක්වා මෙලෙස ඉහළ දමා තිබේ.

කෙසේ වෙතත් මේවනවිට කුවේටයේ පදිංචි හෝ කුවේටයේ උපන් අයට මෙම වැටුප් සීමාවෙන් නිදහස් කිරීමට පනතක් මගින් පදිංචිය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පැවරීමක් සිදුකර ඇති බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435