පසුගිය රජය යටතේ ලොකු එකා ලොකු හැන්දෙන් බෙදා ගැනීම

පල්ලෙවත්තෙ ගමරාලලාගේ මෛත‍්‍රිපාල යාපා සිරිසේන මහතා අපේ රටේ හිටපු ගරු ජනාධිපතිවරයාය. 2019 පෙබරවාරි 27 දින රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් 73000 ක් ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව 15000 ට ආසන්න පිරිසක් ඉල්ලීම් 13 ක් මුල්කරගනිමින් කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කර අවසන ඉහත කී ජනාධිපතිවරයා මුණගැසුණු අතර, ඉතා කඩිනමින් අවශ්‍ය ආයතන හා නිලධාරීන් කැදවා ප‍්‍රශ්නය විසදන්නට කටයුතු කරන බව පැවසුවත් එතුමා ගෙදර යවනකම් ඒ කටයුත්ත ඉටුකළේ නැත.

ඊට පසු 2019 සැප්තැම්බර් මාසයේ 24 දින අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන්නට සූදානම් වුනේ විධායක නිලධාරින්ට රු.50,000ක අතුරු දීමනාවක් ලබා දීම සඳහාය. මේ කොන්දක් ඇති බව පැවසූ අපේ හිටපු ජනාධිපති තුමාය. (එතුමාගේ කථාව අනුව) එයට විරෝධය දක්වා රාජ්‍ය අංශ වෘත්තීය සමිති එකමුතුව 2019.09.23 දින එක් දින වැඩ වර්ජනයක නියැලීම නිසා එය හකුලා ගන්නට සිදු වුවත් එතෙක් රු.15,000ක දීමනාව සේවා කාලය අනුව ගණනය කර ගෙවීම අත්හිටුවා සෑම විධායක නිලයකටම රු.15,000 ගෙවීම අමාත්‍ය කමිටුවේ අනුමැතිය හිමිවිය.

හිටපු ජනාධිපතිතුමෝ, මැති ඇමතිවරුනි රාජ්‍ය සේවයේ 1:4.25 වැටුප් ව්‍යුහය නොසකා හැර ඔබලා නිලධාරීන් සතුටු කිරීමට යාම තුල රාජ්‍ය වැටුප් පද්ධතිය කවරදාකවත් ලිහන්නට බැරි බරපතල ගැටළුකාරී තත්වයට ඇද දමා ඇත.

එමෙන්ම විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ධර්මපාල ඩයස් මහතා තම පාර්ශවයට හැකි පමණින් බෙදා ගැනීමේ කටයුත්තක නියැලෙමින් 2018.01.01 දිනට පෙර විශ‍්‍රාම ගිය අමාත්‍යාංශ ලේකම්වරුන්ට රු.25,000 ක දීමනාවක් විශ‍්‍රාම වැටුපට එකතු කිරීමටත් එය 2019 මැයි මස සිට ගෙවීමටත් විශ‍්‍රාම වැටුප් උපදෙස් ලිපි අංක 04/2019 මගින් උපදෙස් දී ඇත.

හැමවිටම රාජ්‍ය සේවයේ ලොකු එකා තමාගේ ගොලයන්ටත් ලොකු හැන්දෙන් බෙදා දෙමින් දේශපාලන ගොබ්බයන්ගේ ආශිර්වාද මැද රාජ්‍ය පද්ධතියම අවුල් ජාලාවක් කර ඇත. පොඩිඑකා හැමදාම තැලීම තුල ඉදිරි මැතිවරණවලදී බහුතරයක් වන පහල නිලධාරීන් සේවකයින් යහපත් තීන්දු තීරණ ගනී යැයි අප බලා සිටිමු. ඒ වෙනුවෙන් පෙල ගැසීමට අපි සූදානම් බවද අවධාරණය කරමු.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ රජයක් යටතේ සියළු රාජ්‍ය සේවකයන් සදහා පොදු ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරනු ඇතැයි උදෙක් බලාපොරොත්තු වෙමු. ඒ සඳහා ඉදිරි මහ මැතිවරණයක ජය තහවුරු කිරීම රාජ්‍ය සේවක අපගේ වගකීමද වේ.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පුවතකින් උපුටාගැනීමකි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435