පළාත් රාජ්‍ය සේවයේ අවිධිමත් ස්ථාන මාරුවීම් විධිමත් කරන්න

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කළමනාකරණ සහකාර සේවයේ  පළාත් රාජ්‍ය සේවයේ අවිධිමත් ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමටත්, දැනට එවැනි මාරුවීම් සම්බන්ධයෙන් කර ඇති මාරුවීම් සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා සිටිමින් සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය විසින් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩි දුරටත් සඳහන් වන්නේ,

රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් එක් සේවාස්ථානයක වසර 5 ක සේවා කාලයෙන් පසු වාර්ෂික ස්ථාන මාරුවලට යටත් වේ. මෙවැනි කාර්යයක් කරනු ලබන්නේ සේවාවේ ගුණාත්මක භාවය රැකගැනීම හා දූෂණ අක්‍රමිකතා අවම කිරීමේ කාර්යයක් ලෙසයි.

පොළොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන් එකම සේවා ස්ථානයක සේවය කිරීමේ අරමුණින් පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ සහයෝගයද ඇතුව අරුම පුදුම මාරුවීම් ක්‍රමයක නිරත වෙන බව අප සංගමයට දැන ගැනීමට ලැබී ඇත.

පොළොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කළමනාකරණ සහකාර සේවයේ 2020 වන විට වසර 5 සම්පූර්ණවන නිලධාරීන් තිදෙනෙක් 2019 අප්‍රේල් 1 දින සිට හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයටත් එහි නිලධාරීන් 4 දෙනෙකු පොළොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයට මාරුවී පැමිණ මසක පමණ සේවා කාලයකින් පසු නැවත වරක් 2019 මැයි 02 දින දෙපිරිස දෙපැත්තට මාරු වී ගිය බව වාර්තා වේ.

මෙම හේතුව නිසා වාර්ෂික ස්ථාන මාරු වලදී ඔවුන්ගේ සේවා කාලය වසර 5 ක් වශයෙන් ගණන් නොගැනෙන බවයි ස්ථාන මාරුවීම් ඉල්ලා නොලැබෙන අප සේවාවේ නිලධාරීන් සඳහන් කරන්නේ.

මෙනිසා දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලය වැනි දුර බැහැර ප්‍රදේශයක හා ප්‍රාදේශීය සභාවල සේවයේ යෙදෙන නිලධාරීන්ට වාර්ෂික ස්ථාන මාරු ඉල්ලීමේදී අනුප්‍රාප්තිකයින් සොයා ගැනීමේ ගැටළුවකට මුහුණදීමට සිදුවන බව මෙයින් පැහැදිලි වේ.

එනිසා මෙවැනි තත්වයන් ඉදිරියට සිදු නොවීමටත් පොළොන්නරුව කලාප අධ්‍යාපන කාර්යාලයේ එවැනි සිදුවීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබද විනයානුකූලව කටයුතු කරන ලෙසත් කාරුණිකව ඉල්ලමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435