ප්‍රංශ ගමන හිරෙන් නවතී

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමට සැරසෙමින් සිටියදී හලාවත පොලිස් අත්අඩංගුවට පත්වූ  හයදෙනා මේ මස 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් හා දිසා අධිකරණය නියෝග කර ඇත.

මෙහි පළමු වැටලීම සිදුකල අතර එහිදී හලාවත මෝය කට ආසන්නයේදී පුද්ගලයන් 06 දෙනෙකු හා ඉන් අනතුරුව හලාවතට නුදුරු මුහුදේදී  සිදුකල වැටලීමේදී තවත් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

එලෙස පසුව අත්අඩංගුවට පත් පුද්ගලයන් පස් දෙනා අද හලාවත අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නාවික හමුදා නිලධාරින් සහ හලාවත පොලිස් ස්ථානයේ නිලධාරින් එක්ව මේ වැටලීම් සිදු කර ඇත.

මෙහිදී  සැකකරුවන් පැමිණි කැබ් රථය , ප්‍රංශය බලා පිටත්ව යාමට සූදානම් කර තිබූ  ටොලර් යාත්‍රාවක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

පොලිසිය විසින් වැටලීම සිදුකරන අවස්ථාවේ මෝය කට ආසන්නයේ නවතා තිබු කුඩා ධිවර යාත්‍රා දෙකක් පලා ගොස් ඇති අතර  එම යාත්‍රා දෙක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බත්තුළුඔය, උඩප්පුව ,හලාවත ,ඉරණවිල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර ටොලර් යාත්‍රාව පිටත්ව ඇත්තේ මීගමුව ධිවර වරායෙනි.

මීට සතියකට පමණ පෙරදීද හලාවත ලැගුම් හලක නැවතී සිට ඔස්ට්‍රේලියාව බලා යාමට සිටි පිරිසක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ප්‍රංශ ගමනට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.

හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක සෙනරත් එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මූලාශ්‍රය – දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435